
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලංසා මහතාට පහරදීමට උත්සාහ දැරීමේ සිද්ධියකින් පසු සමගි ජන බලවේගයේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට සභා ගර්භයෙන් වහාම ඉවත් වන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පෙරවරුවේ දැනුම් දුන්නේය.
සභාවේ ඊයේ දිනයේ කටයුතුවලට විජේසිරි මන්ත්‍රීවරයා සහභාගී කර නොගන්නා බවද කතානායකවරයා මෙහිදී දැනුම් දුන්නේය.
මේ අනුව විජේසිරි මන්ත්‍රීවරයා සභාවෙන් පිටව යනු දැකගත හැකිවිය.
මේ සිද්ධිය ඇති වූයේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් නිමල් ලංසා මහතා කතා කරමින් සිටියදීය.
COMMENTS
අපි මේ බලාගෙන ඉන්නේ එක්කෙනෙක් දෙන්නෙක් කම්බස් වෙනකං .
රටේ බහුතරයක් මිනිස්සූ කරවටක් ප්‍රශ්න වල ගිලිලා ඉන්නකොට මුන්ට මදකිපිලා ගහගන්න හදනවා.රටේ බදු සල්ලි වලින් නඩත්තූ වෙවී .
මොවුන්ට මාරාගන්න ඉඩ දෙන්න තිබුනේ අර පාපිස්සක් වගෙ එකක් ඔලුවේ බැඳන් ඉන්න එක්කෙනාට...
මොන පක්ෂයේ වුවත් අතේ, පයේ ශක්තියෙන් ප්‍රශ්න විසඳන්න හදන අය සහ හොරු පාර්ලිමේන්තුවෙන් ඉවත්කරන්න ඕනේ සදහටම...!
එළියට බැහැලා ගහගනිල්ලා අපිට බලන්න. ලංසා ගුටිකනවාට 25000ක් ඔට්ටුයි...