
(යොහාන් භාසුර)
ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (මැයි) සංශෝධනය නොකරන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා පැවසීය.
ජාත්‍යන්තර වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළ යෑම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්වය හමුවේ වුවද පාරිභෝගික ජනතාව වෙත සහන සැළසීමේ අරමුණින් මෙම මස ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බව සභාපතිවරයා සඳහන් කළේය.
ඒ අනුව කිලෝග්‍රෑම් 12 ගෑස් සිලින්ඩරයක් මිල රුපියල් 4,765 ක, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් මිල රුපියල් 1,910 ක සහ කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් මිල රුපියල් 890 ක තව දුරටත් පවතින බව ද චන්න ගුණවර්ධන මහතා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයින් ගියා ඇති... වෙනස් කළොත් ඉතින් වැඩිවෙන එක විතරයි වෙන්නේ...
දුප්පතාගේ බඩට තමයි වදින්නේ... කොහෙන් ගියත්
ගෑස් සිලින්ඩරයකට ගිය කලක්...
ඕවා කොහොමත් වැඩිවෙනවා... අරහේ යුද්ධය වැඩිවෙන කොට....
අම්මෝ මට මතකයි අපි ගෑස් පෝලිම්වල ගෙවපු ජීවිතේ...