IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ලංගමේට බස් 500ක් අරන් කෝටි 301ක් පිනට දීලා

(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ඉන්දියාවෙන් බස් රථ 500 ක් මිලදී ගැනීමට  මුල් ඇස්තමේන්තුගත වටිනාකමට වඩා වැඩි මුදලක්  වැය කිරීමෙන් මණ්ඩලයට 2023 වර්ෂයේදී  රුපියල් කෝටි 301 කට වැඩි මුදලක්  පාඩුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

ඒ අනුව එම සෑම බස් රථයකටම වැඩිපුර ගෙවා ඇති මුදල රුපියල් ලක්ෂ  හැට දෙකක් පමණ බවද එම වාර්තාව සඳහන් කරයි.

මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති ලංකා ගමනාගමන මණ්ඩලයට අදාල  තොරතුරු ලේඛනයේය.



අදහස් (9)

ලංගමේට බස් 500ක් අරන් කෝටි 301ක් පිනට දීලා

himal Monday, 05 May 2025 04:22 PM

ඇස්තමේන්තුවක් කියන්නේ ගාණ හරියටම දකින්නත් කලින් කරන ගණනය කිරීමක්. එතකොට සැපයුම්කරුගේ ඉන්වොයිස් වටිනාකම ඇස්තමේන්තුවට වඩා වැඩි නම් බස් ගන්නේ නැතිව නිකම් හිටියා නම් මේ ප්‍රශ්න එන්නේ නෑ කියලාද මේ කියන්නේ? මේ ගණන් හැදිල්ලට අනුව ඇස්තමේන්තු ඩබල් කරලා දාලා තිබ්බා නම් කෝටි ගාණක ලාබයක් එන්නත් පුළුවන්ද?

:       8       5

ලසන්තTuesday, 06 May 2025 09:27 AM

හරකෙක් වගේ හිතන්න එපා

:       2       3

Kamal Koyrala Monday, 05 May 2025 05:01 PM

2500ට මාසයක් කන මදි නිසා වෙන්නැති මේ කාලා ඇත්තේ...

:       1       11

Rata Perata Monday, 05 May 2025 05:36 PM

ඔන්න සීයගේ ටිකිරි මොලේ... මොවුන් කරලා තියෙන එකම දේ හොරා කෑම විතරයි.

:       3       21

ගුණරත්න Monday, 05 May 2025 09:01 PM

වියදම් කරන්නේ නැතිව කෝටි ගානක් සල්ලි බැංකුවේ නිකම් තියාගෙන ඉන්න එක හොඳයි කියල හිතන් ගොන් වාහෙලා ඇස්තමේන්තුවක් සහ ඉන්වොයිසි වටිනාකම් අතර වෙනස දන්නේ නැති එක පුදුමයක් නෙවෙයි

:       3       1

කුකුල් චමින්ද Monday, 05 May 2025 10:18 PM

ඈ බන් හිවලෝ, එක බස් රථයකට ඇස්තමේන්තු ගානට වැඩිය ලක්ෂ 62ක් වැඩිවෙන්නෙ, ඇස්තමේන්තුව අරං තියෙන්නෙ බස් රථයක චැසියටයි, රෝද ටිකට විතරද? හොරුන්ට කඩේයන මේ වගේ එවුං හින්ද තමයි මේ රටට ඔළුව උස්සගන්න බැරි.

:       1       5

Sunil Monday, 05 May 2025 11:19 PM

මේක පටන් ගත්තේ 2018 ඉන්දියානු ණය ව්‍යාපෘතියකින්. USD මිලියන 15.03 ඒකට වෙන් උනා . 2023දී බස් රථයක් ගත්තේ FOB USD 26662.5 ට . බස් රථ 500 ටම ගියේ FOB USD 13,331,250 (13.33125mn).2018 දී USD 1=Rs.180, 2023 USD 1= RS.370. දැන් ගාන හදන්න .FOB වියදම Rs2530 MN විතර වැඩි උනා .දේශීය වියදම Rs500mn විතර වැඩි උනා .ඔඩිට් ලා ඉඳලා තියෙන්නේ ලංකාවේ නෙමෙයි .ඒගොල්ලන්ගෙම ලෝකේ

:       0       2

Perera Tuesday, 06 May 2025 07:03 AM

kamal, මෙතන මාටියා ගහලා කියලා ඔයාට පැහැදිලි නැද්ද ?

:       1       2

Sunil Tuesday, 06 May 2025 12:57 PM

සුජිත් මහතාණෙනි, ඔබේ අරමුණ මහජනතාව දැනුවත් කිරීම නම් ප්‍රකාශයට පත් කිරීමට පෙර කරුණාකර කරුණු පරීක්ෂා කරන්න. සත්‍යය අතර වෙනස හඳුනාගත නොහැකි තත්වයක අපි සිටිමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1742 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site