IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


ලෝක ළමා දිනය දා ගෝලයාගෙන් ගුරාට පහරක්

(නයනජීව බන්ඩාර සහ කේශර ගුණතිලක)

ලෝක ළමා දිනය දා පාසල් සිසුවකුගෙන් පහරකෑමට ලක්වූ මොණරාගල නගරයේ ප්‍රධාන පාසලක ගුරුවරයකු  තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි මොණරාගල පොලිසිය පවසයි.

සිසුවාගෙන් පහරකෑමට ලක්ව ඇත්තේ පාසලේ තාක්ෂණික විෂයක් උගන්වන ගුරුවරයකු බවට අනාවරණය වී තිබේ.

පාසලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සැකකාර සිසුවා, පාසලට ස්මාට් දුරකථනයක් හා පවර් බැන්ක් එකක් රැගෙනවිත් ඇති අතර මෙම ගුරුවරයා මෙම සිසුවාගෙන් මේ ගැන විමසිමේදි සිසුවා මෙම පහරදීම සිදුකර ඇතැයි පාසලේ ගුරුවරයකු අප කළ විමසිමක දී පැවසීය.

සිද්ධියෙන් සුලු තුවාල ලැබු පාසල් ගුරුවරයා ප්‍රතිකාර සඳහා මොණරාගල මහ රෝහලට ඇතුලත් කර තිබේ.

සැකකාර සිසුවා මොණරාගල ප්‍රදේශයේ පදිංචි සිසුවකු බවට අනාවරණය වී ඇති අතර සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (3)

ලෝක ළමා දිනය දා ගෝලයාගෙන් ගුරාට පහරක්

Perakum Liyanagama Thursday, 02 October 2025 10:07 AM

නීතිය නිවැරදිව අපක්ෂපාතීව හා තදින් ක්‍රියාත්මක කරන්න.

:       0       4

Nimal Thursday, 02 October 2025 10:24 AM

ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප හැදෙන්නේ නැතුව පිටරට පනත් එහමම ගේන එක වැරදියි .ගුරුවරුන්ට ඔහොම ගියොත් තව ටික කාලෙකින් ළමයින්ගෙන් දේවල් ඉගෙන ගන්න වෙන්නේ

:       2       0

කව්ද බෝයි Thursday, 02 October 2025 12:14 PM

ලෝක ළමා දිනය බරටම ජාත්‍යන්තර ප්‍රමිතියෙන්ම සමරලා තියෙන්නේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1714 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site