
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල හා විදේශීය විශ්ව විද්‍යාල අතර අධ්‍යාපනික සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම් වලට එළඹීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල ලෝක ශ්‍රේණිගත කිරීම් දර්ශක වල ඉහළට ඔසවා තැබීම සහ අන්තර් ජාතිකකරණය උදෙසා විදේශීය විශ්ව විද්‍යාල සමඟ උසස් අධ්‍යාපනික සහයෝගීතාවයන් ඇති කර ගැනීම අරමුණු කර ගනිමින් මෙරට විශ්ව විද්‍යාල සහ විදේශීය විශ්ව විද්‍යාල අතර පහත සඳහන් අවබෝධතා ගිවිසුම් වලට අත්සන් තැබීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
* කැළණිය විශ්ව විද්‍යාලය සහ ඛෙලරූස් ජන රජයේ Polossky State University අතර වසර 05ක කාලයක් සඳහා වලංගු වන අවබෝධතා ගිවිසුම.
* කැලණිය විශ්ව විද්‍යාලය සහ රුසියානු සමූහාණ්ඩුවේ Vladimir State University අතර වසර 03 ක කාලයක් සඳහා වලංගු වන අවබෝධතා ගිවිසුම.
*ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ බහු අවයවික විද්‍යා අධ්‍යයනාංශය (Departinent of Polymer Science) හා තායිලන්ත රාජධානියේ Petroleum and Petrochemical College, Chulalongkom University අතර වන අවබෝධතා ගිවිසුම.
2025 දෙසැම්බර් මස 04
738
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලංකා සරසවි තුනක් විදෙස් සරසවි හතරක් එක්ක ගිවිසුම්