(යොහාන් භාසුර)
ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර වර්ග 5 ක මිල අඩු කිරීමට පියවරගත් බවත් එම නව මිල අද (30) සිට ක්‍රියාත්මක බවත් පවසයි.
ඒ අනුව ලොකු ලූණු සහ පාන්පිටි කිලෝවක මිල රුපියල් 10 බැගින් අඩු කළ බවත් ලොකු ලූණු කිලෝවක නව මිල රුපියල් 220 ක් ද, පාන්පිටි කිලෝවක නව මිල රුපියල් 165 ක් ද, බවත් සුදු සීනි කිලෝවක මිල රුපියල් 5 කින් අඩු කිරීමත් සමඟ එහි නව මිල රුපියල් 235 ක් බවත් සතොස සඳහන් කරයි.
රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 3 කින් අඩු කිරීමත් සමඟ එහි නව මිල රුපියල් 285 ක් ද, ආනයනික සුදු කැකුළු කිලෝවක් රුපියලකින් අඩු කිරීමෙන් පසුව එහි නව මිල රුපියල් 209 ක් ක් ද, වන බවත් ලංකා සතොස වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd