IMG-LOGO

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොකු සමුළුවක් ලංකාවට

(අංජුල මහික වීරරත්න)

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2025 වර්ෂයට අදාල දකුණු ආසියානු කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට එකඟතාවය පළ වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කාර්යාලයේ (නවදිල්ලි) වැඩසටහන් අධ්‍යක්ෂ වෛද්‍ය තාමරන්ග්සි තක්සෆොන් (Dr. Thamarangsi Thaksaphon) සහ  පරිපාලන අධ්‍යක්ෂ රොබෙට් චෙල්මින්ස්කි (Mr Robet Chelminski) යන මහත්වරුන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී හමු වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව කීය.

දකුණු ආසියානු කලාපීය එක් එක් රටවල් වල වාර්ෂිකව පවත්වනු ලබන මෙම දකුණු ආසියානු කලාපීය  සමුළුව මෙම වර්ෂයේ අගභාගයේ මෙරට දී පැවැත්වීමට කටයුතු සංවිධානය කිරීමට එකඟතාවය පළ වී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කලාපීය රටවල් වන  ශ්‍රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින, බංගලාදේශය, නේපාලය, භූතානය, තායිලන්තය, උතුරු කොරියාව, මැලේසියාව, ඉන්දුනීසියාව, ටිමෝර්ලෙස්ටේ, ඇෆ්ගනිස්ථානය යන රටවල් නියෝජනය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරුන් මෙන් ම සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන් මෙම සමුළුව සදහා සහභාගි වීමට නියමිත ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය නියෝජනය කරනු ලබන රටවල් ප්‍රමාණය 194 වන අතර කලාපීය ව්‍යාප්තිය අනූව එම රටවල් කාණ්ඩ ගත කර ඇත.



අදහස් (1)

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොකු සමුළුවක් ලංකාවට

අරවින්ද මොණරවිල Thursday, 24 April 2025 01:21 PM

දැන් එන්න ආණ්ඩුවට බනින්න මේක හොඳම වේලාව...

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 288 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 461 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 188 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site