
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල හා විදේශීය විශ්ව විද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් වලට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල ලෝක ශ්‍රේණිගත කිරීම් දර්ශක වල ඉහළට ඔසවා තැබීම හා අන්තර්ජාතිකකරණය උදෙසා විදේශීය විශ්ව විද්‍යාල සමඟ උසස් අධ්‍යාපනික සහයෝගීතාවයන් වර්ධනය කිරීමේ අරමුණින් මෙරට විශ්ව විද්‍යාල හා විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධනා ගිවිසුම් අත්සන් කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
* ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය හා මහජන චීන සමුහාණ්ඩුවේ වුහාන් ක්‍රීඩා විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම.
* ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය හා ජපානයේ අයිසු විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම.
* ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය හා නෝර්වේ ඇග්නර් විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම.
* ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය හා ඕස්ට්‍රේලියාවේ ඩිකින් විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම.
* මොරටුව විශ්ව විද්‍යාලය හා චීනයේ ලියී විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම.
*පේරාදෙණිය විශ්ව විද්‍යාලය හා ඉන්දියාවේ මහත්මා ගාන්ධි වෛද්‍ය විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම.
*ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලය හා චීනයේ ෂැන්ඩොන්ග් විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම.
*කැලණිය විශ්ව විද්‍යාලය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ කෝට්ලන්ඩ් හි නිව්යෝර්ක් රාජ්‍ය විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම.
* ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය සහ ඕස්ට්‍රේලියාවේ රෝයල් මෙල්බන් තාක්ෂණ ආයතනය අතර අවබෝධතා ගිවිසුම.
* කැලණිය විශ්ව විද්‍යාලය සහ කොරියානු ජන රජයේ ජාතික කොරියානු සමුද්‍රීය හා සාගර විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද මේ පිටිපස්සේ පේලියේ ඉන්නේ ගැහැණු ළමයි දෙන්නා... අපේ අගමැතිතුමිය දැකලා, භය වෙලා වගේ ඉන්නේ? බය වෙන්න එපා, එන්න අපේ පියාපත් සෙවනට ! ඔබ සුරක්ෂිතයි !
ඕවාට මුල් පියවර තිබ්බෙ රනිල්. මෙයාල කරගෙන යනව. ඒකේ කිසිම වරදක් නෑ. එහෙම තම වෙන්න ඕනි. නමුත් ඔක රනිල්ගෙ කාලෙම අත්සන් කලානම් ජෙප්පොයි අන්තරෙ සෙට් එකඉ මෙලහකට පොළොවෙ පස් කනව නිදහස් අධ්‍යාපනය විනාස කරනව කියල.