

( ටී.කේ.ජී.කපිල )
ලෝක ප්‍රසිද්ධ ඇමෙරිකානු ගායක ඇලෝයි බ්ලැක් මහතා ශ්‍රී ලංකාවේ තෙදින සංචාරයක් සදහා අද(10 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියේය .
ඔහු ලෝකයේ රටවල් 22 ක ගීත දර්ශක වල ඉහළම ස්ථානයේ පසුවන අතර ඇමෙරිකාවේ '' ග්‍රැමී " සම්මාන උළෙලේ නිර්දේශිත නාමයන් අතර මුළින්ම සිටින්නෙකි .
ජනාධිපති විද්‍යා සහ තාක්ෂණ ජ්‍යෙෂ්ඨ උපදේශක ඇමෙරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතාගේ ආරාධනාවක් පරිදි ඇලෝයි බ්ලැක් , ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආයෝජන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සදහා සාකච්ඡා කිරිම සදහා මෙසේ මෙරටට පැමිණ තිබුණි .
එතුමා කටුනායක ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් මෙන්ම මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා ඇතුලු පිරිසක් විසින් මහත් හරසරින් යුතුව පිළිගැනීමක් සිදු කෙරුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පිලිගැනිල්ලට නම් මෙහෙ නවතියි වගේ...
අහපු නැති නමක්. මොන ලෝකෙද මෙයා ප්‍රසිද්ධ? දුප්පත් අපේ ගාණකට විදින ගැටයක්ද මේ...?
වසර 28 යුරෝපේ ජිවත් වුණත් මෙහෙම කෙනක් ගැන ඇහුවෙත් අද
කවුද මේ යකා, මම ඇහුවෙත් අදමයි. හ්ම් ආයෝජන ගෙන්නවාට ඉස්සර මාලිමාවුන් කිවූ කතා මතක් වෙනවා. ඔවුන් එදා කී රස කතා අනුව ආයෝජකයෝ කියන්නේ පල් හොරු..!
මෙතුමා හිටපු දක්ෂ ගායකයෙක්, දැන් නම් ලොකු ජනප්‍රියත්වයක් නැත. මොනවා වුණත් කරන්න හදන දෙය හොඳ දෙයක්...