IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ලංකා - පකිස්ථාන තැපැල් ගිවිසුමක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා - පාකිස්ථානු රාජ්‍යතාන්ත්‍රික සබඳතා සැමරීම වෙනුවෙන් මුද්දර නිකුත් කිරීම සඳහා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සහ පාකිස්ථානු තැපැල් ආයතනය අතර අවබෝධකා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකා - පාකිස්ථානු 75 වසරක දීර්ඝකාලීන සබඳතාව සනිටුහන් කරමින් සමරු මුද්දර 2 ක් නිකුත් කිරීමට දෙපාර්ශ්වය අතර එකඟතාවකට පැමිණ ඇත.

 ඒ අනුව කටයුතු කිරීමට හැකි වන පරිදි දෙරටේ තැපැල් පරිපාලන ආයතන අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සඳහා 2024-10-21 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

 යෝජිත අවබෝධතා ගිවිසුමට අනුව දෙරටේ ඵෙතිහාසික බෞද්ධ සිද්ධස්ථාන පදනම් කර ගනිමින් මුද්දර නිර්මාණය කිරීමට සහ නිකුත් කරනු ලබන මුද්දර 5,000 බැගින් හා මුල් දින කවර 2,000 බැගින් දෙපාර්ශ්වය අතර හුවමාරු කර ගැනීමට ද ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සහ පාකිස්ථානු තැපැල් ආයතනය එකඟ වී තිබේ. අදාළ අවබෝධතා ගිවිසුමට මෙතෙක් අත්සන් තබා නොමැති බැවින් ඒ සඳහා වත්මන් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා ගැනීමටත්, යෝජිත ගිවිසුමට මේ මාසය අවසානයේදී අත්සන් තැබීමටත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.



අදහස් (1)

ලංකා - පකිස්ථාන තැපැල් ගිවිසුමක්

Windra Tuesday, 25 February 2025 03:18 PM

මේවා හොර පාරෙන් කළුකඩ මුදලාලිලා අතට යන්න නොදී . මුද්දර එකතු කරන්නට ලබාගත හැකි ක්‍රමයක් සකස් කරන්න අවධානය යොමු වෙන්නත් ඕන

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site