
(අංජුල මහික වීරරත්න)
බත්තරමුල්ල ශ‍්‍රී ලංකා - ජපන් මිත‍්‍රත්ව මාර්ගයේ සංවර්ධන කටයුතු අද (28) ඇරැඹිණි.
ප‍්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ කොළඹ ප‍්‍රධාන ඉංජිනේරු කාර්යාලයේ අධීක්‍ෂණයෙන් මෙම මාර්ගය ඉදි කෙරෙයි.
කිලෝමීටර් දෙකක දිගකින් යුත් මෙම මාර්ගය කාපට් යොදා සංවර්ධනය කරනු ලබන අතර වැය වන මුදල රුපියල් මිලියන 203 කි. ශ‍්‍රී ලංකා රජයේ මූල්‍ය ප‍්‍රතිපාදන යටතේ මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු ඉදිරි මාස හය ඇතුළත නිම කිරීමට අපේක්‍ෂිතය. ඒ අනුව 2026 පෙබරවාරි මස 9 වැනිදාට පෙර සියලූ ප‍්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීමට සැලසුම් කර ඇත.
ප‍්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් වැඩ ඇරැඹීම සිදු කෙරිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඉස්සෙල්ලා පාරෙ ගල් අල්ලලාද තිබුණේ...? මේ වගේ ගොන් හරක්
දැන් අය දේශපාලකයන් මුල් වූ උත්සව තිබ්බේ නැද්ද?