
(අංජුල මහික වීරරත්න)
අධ්‍යාපන සහයෝගීතාව සඳහා කොළඹ විශ්ව විද්‍යාලය සහ කොරියා ජන රජයේ ජාතික කොරියා සමුද්‍රීය හා සාගර විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය නෙමී ඇත.
අධ්‍යාපන සහ ඒකාබද්ධ පර්යේෂණ වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම සහ ඒකාබද්ධව වැඩමුළු හා සම්මන්ත්‍රණ සංවිධාන කිරීම අරමුණු කර ගනිමින් කොළඹ විශ්ව විද්‍යාලය සහ කොරියානු ජනරජයේ ජාතික කොරියානු සමුද්‍රිය හා සාගර විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට සැලසුම් කර ඇත.
යෝජිත අවබෝධතා ගිවිසුමේ කාර්යයන් මූලිකව කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන, අණුක ජෛවවේද හා ජෛව තාක්ෂණික ආයතනයට අදාළ වන පරිදි ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශ්වය එකඟ වී ඇත. ඒ අනුව, වසර පහක කාල සීමාවක් සඳහා බලාත්මක වන පරිදි යෝජිත අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ කොළඹ විශ්ව විද්‍යාලය සහ කොරියානු ජන රජයේ ජාතික කොරියානු සමුද්‍රීය හා සාගර විශ්ව විද්‍යාලය අතර අත්සන් තැබීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලංකා-කොරියා සරසවි ගිවිසුමක්