
(අංජුල මහික වීරරත්න)
චීන වෙළෙඳ පොළට කුකුල් මස් අපනයනය සම්බන්ධ ක්‍රියාපටිපාටිය (Protocol) සඳහා අදාළ වන ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
චීන රේගු පාලන ආයතනයේ මැදිහත් වීමෙන් ශ්‍රී ලංකාවෙන් කුකුල් මස් චීනයට අපනයනය කිරීම නිශ්චිත ක්‍රියාපටිපාටියක් අනුව සිදු කිරීම සඳහා දෙරට අතර අදාළ ක්‍රියාපටිපාටිය සම්බන්ධව පරීක්ෂා කිරීම, නිරෝධායනය හා සෞඛ්‍ය අවශ්‍යතා ඇතුළත්ව සකස් කරනු ලබන ගිවිසුමක් අත්සන් කිරීමට යෝජනා වී ඇත.
ඒ අනුව, එකී ගිවිසුම චීන රේගු පාලන ආයතනය සහ සිය අමාත්‍යාංශය අතර අත්සන් තැබීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩර්ම සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කුකුල් මස් චීනයට යවන්න හදන්නේ, ලංකාවේ කුකුල් මස් ස්වයංපෝෂිත වෙලාද?
අපනයනය කිරීම නම් හොඳයි. නමුත් දේශීය පාරිභෝගිකයාටත් පහසු මිළකට ලබා ගන්න බැරි පසුබිමක අපනයනය කිරීම නිසා දේශීය මිළ නැවත ඉහල නොයයිද?
කවුරුවත් හිතුවේත් නැති තැනකට රට අරන් යන්න ජාතික ජනබල වේගයේ ආණ්ඩුවට පුළුවන් බවයි පෙනෙන්නේ. ලංකාවේ කුකුල් මස් හිඟයක් නැහැ. දැනට තියෙන ප්‍රශ්න වෙලා තියෙන්නේ නිශ්පාදන වියදම ඉහළ යාමයි. ඒක අඩු කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මහ පරිමාණයෙන් නිශ්පාදන කිරිම. එසේ නිෂ්පාදන කරන භාණ්ඩවලට වෙළඳ පොළ සොයාදීමේ ආණ්ඩුවේ කාර්ය භාරය තමයි ආණ්ඩු මේ කරමින් ඉන්නේ...
රිලා, දඩුලේන්, ඉත්තෑ, මෙණර, වල් ඌරු මස් හෝ සතුන් යවන්න බැරි ඇයි…?
ඔයා කවුරුවත් කන්නෙ නැති කුකුල් කකුල් (කොරපොතු තිබෙන කොටස) චීනයට යවන්න . තටු ඇමෙරිකාවට යවන්න . ඇමෙරිකාවෙත් කුකුල් කකුල් චීනේට යවනවා . චීනේ කුකුල් තටු ඇමෙරිකාවට එවනවා
මේ වගේ පාප කාරී වැඩ නැතුව කෘෂි කර්මය දියුණු කරලා අපනයානය කරන වැඩ පිලිවෙක් හදන්න. මස් අපනයානය අපේ රටට හොඳ දෙයක් නෙමෙයි. තවමත් මේ රටේ බහුතරයක් ඉන්නෙ බෞද්ධයෝ . පාණාති පාතා වේරමනී