
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මේ වන විට ලංකා ආර්ථිකය ඉතා හොඳ ස්ථාවර තැනකට පැමිණ තිබෙන බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. "ආර්ථිකය ගොඩ නගන්න අවශ්‍ය කරන තල්ලුව ගැනීම සඳහා වාහන ආනයනයෙන් ලැබෙන ආදායම යොදා ගන්නවා.
මේ ගත් තීරණය ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බව සියලු දර්ශක වලින් අපට තේරුම් යනවා. වාහන ආනයනය නිසා සංචිත ද ආරක්ෂා කර ගනිමින් රාජ්‍ය ආදායම බලාපොරොත්තු වූ ලෙස ඉහළ ගොස් තිබෙනවා.
මේ වන විට රටේ ආර්ථිකය ඉතා හොඳ ස්ථාවර තැනකට පැමිණ තිබෙනවා. මෙය ආරම්භය පමණයි. ආර්ථික වර්ධන වේගය ඉදිරියට වැඩි අගයක පවත්වාගෙන යාමට අප අදහස් කරනවා" යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්පට සිරි කිව්වාලු. මාස 7න් රට ගොඩදාලා නේද? උගණ්ඩාවේ සල්ලයි ඉතාලියේ සල්ලිය ගෙනැල්ලා වෙන්න ඇති...
නාස්තිය සහ වංචාව දැන් පොඩ්ඩ පොඩ්ඩ නැතිවෙලා... NPP ආණ්ඩුවට ජයවේවා...
ඇමතිතුමා ලක්ෂ ගාණක් වියදම් කරලා රංචුවක් එක්ක ඇමරිකාවේ ගියානේ? ඒ ගමනේ ඒකාබද්ධ ප්‍රකාශය දානවා කිව්වට අපි තාම එක දැක්කේ නැහැ,
නියෝජ්‍ය මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ඉතා සාමාන්‍යයි, සංඛ්‍යා, සාක්ෂි නැත, වාහන ආනයනය කිරීමෙන් ආදායම වැඩි වන්නේ කෙසේද යන්න සහ මිල ගණන් දැරිය නොහැකි නම්, අනෙක් සියල්ල ඇතුළුව ආහාර, එළවළු ආදිය.
රම්බොඩ දන්නවා වගේ, ඉතාලියෙත් සල්ලි තියෙනවා ලු. මමත් ඇහුව්වේ අද. ඒ කියන්නේ රම්බොඩ දන්නවා මහින්ද රාජපක්ෂගේ සල්ලි තියෙන තැන්. අල්ලනවා නම් අල්ලන්න ඕනේ රම්බොඩ මිස නාමල් රාජපක්ෂ නෙමෙයි.