IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


ලක් කතක් පිට පිට තෙවරක් ඕස්ට්‍රේලියාවේ කප් ගසයි

( තිළිණි ද සිල්වා )

පිට පිට තෙවැනි වතාවටත් ඕස්ට්‍රේලියාවේ වැඩිම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ශ්‍රී ලාංකික සම්භවයකින් යුතු ෂෙමාරා වික්‍රමනායක මහත්මිය සමත් වී ඇතැයි '' ද ඕස්ට්‍රේලියන් ෆයිනෑන්ෂල් රිවීව් ''  කියා සිටී.

2021  වසර සදහා ද   ඕස්ට්‍රේලියාවේ වැඩිම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිලධාරියා  දස දෙනා අතරින් පළමුවැනි ස්ථානය දිනා ගැනීමට  ෂෙමාරා වික්‍රමනායක මහත්මිය සමත් වී ඇති අතර ඒ අනුව  ඇය මීට පෙර 2019 වසරේදීත් , 2020 වසරේදීත්  ඕස්ට්‍රේලියන් ෆයිනෑන්ෂල් රිවීව් ''  කියා සිටී.

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ෂෙමාර වික්‍රමනායක මහත්මිය මේ වන විට රට මැකියුරී  සමූහයේ ප්‍රධාන විධායක නිළධාරිනිය ලෙස සේවය කරන්නීය.

ඇය පසුගිය ජූනි මාසයෙන් අවසන්වූ එරට මුදල් වර්ෂය තුළ ලබාගෙන ඇති වැටුප ඩොලර් මිලියන 15.97 ක් වන බවද '' ද ඔස්ට්‍රේලියන් ෆයිනෑන්ෂල් රිවීව් ''   වාර්ෂික ලේඛනයේ වැඩිදුරටත් සදහන් වේ.
ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය වසර හා සැසඳීමේදී ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විධායක නිළධාරීන් ලබන වැටුප සියයට 20කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

ඕස්ට්‍රේලියාවේ ලැයිස්තුගත සමාගම් හි වාර්ෂික වාර්තාවල සඳහන් මුළු වැටුප මත පදනම්ව එරට ඉහළම ගෙවීමක් ලබන ප්‍රධාන විධායක නිලධාරීන් 10 දෙනා පෙළගස්වනු ලබන අතර එම ලැයිස්තුගත කිරීමේදී ඇයට ප්‍රථම ස්ථානය හිමි වීමද විශේෂත්වයකි.

මේවන විට ෂෙමාරා වික්‍රමනායක ජාත්‍යන්තර කාන්තා ව්‍යවසායිකාවක් වන අතර එරට මැකියුරී සමූහයේ ප්‍රධාන විධායක නිලධාරිනී ලෙස 2018 වසරේදී එම තනතුරට පත්වන තෙක් ඇය වසර 33 තිස්සේ එම සමාගමේ සේවය කළ තැනැත්තියකද වේ.එය මුලින්ම එම සමාගම හා එක්වී ඇත්තේ 1987 වසරේදීය.

1962 දී එක්සත් රාජධානියේ උපත ලැබූ ෂෙමාරා වික්‍රමනායක මහත්මිය කුඩා කාලයේදී ශ්‍රී ලංකාවේ වාසය කර ඉන්පසු වයස අවුරුදු 13 දී සිය දෙමව්පියන් සමග ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වි ඇති අතර එහිදී අධ්‍යාපන කටයුතු සිදුකර තිබේ. ෂෙමාරා වික්‍රමනායකගේ පියා ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකි.ෂෙමාරා ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයෙන් වානිජවේදය හා නීතිය පිළිබද උසස් අධ්‍යාපනය ලබා ඇත.

දැනට 59 හැවිරිදි වියේ පසුවන විවාහක දෙදරු මවක්ද වන ෂෙමාරා වික්‍රමනායකගේ ඇයගේ සැමියා හිටපු අයෝජන බැංකුකරුවෙකු වන අතර ඔහු නිවසේ රැදී සිටමින් ඇයගේ වෘත්තීය කටයුතු වෙනුවෙන් දැක්වූ සහයෝගය ඇය හැම අවස්ථාවකදිම විවෘතව අදහස් දක්වා ඇත.

පසුගිය 2018 වසරේ ජූලි මාසයේ දී ඇය මැකියුරී සමූහයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස  වැඩ භාර ගනු ලැබූයේ එම සමාගමේ ඉතිහාසය තුළ එම තනතුරට පත් පළමු කාන්තාව බවටද  පත්වෙමිනි. 

ඕස්ට්‍රේලියාවේ විශාලතම සමාගම් 20 අතර සිටින එකම ප්‍රධාන විධායක නිළධාරිනිය ලෙසින් වාර්තා තබා ඇති ෂෙමාරා ෆෝර්බ්ස් සඟරාවට අනුව ලොව බලවත් කාන්තාවන් සියදෙනා ගේ ලැයිස්තුවේ පිට පිට 10 වතාවක් තේරි පත් වූ ව්‍යවසායිකාවකි.a



අදහස් (3)

ලක් කතක් පිට පිට තෙවරක් ඕස්ට්‍රේලියාවේ කප් ගසයි

sharm warn Tuesday, 30 November 2021 05:46 PM

ඔබට සුබපැතුම්...

:       2       89

Bamunuarachchi Tuesday, 30 November 2021 06:29 PM

විශිෂ්ටයි..! ඔබ වැන්නවුන් තව තවත් ලංකාවෙන් ලෝකෙට බිහිවේවා...!

:       1       1

Perera Tuesday, 30 November 2021 11:42 PM

සුබපැතුම්...!!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1698 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1420 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site