(තිලකරත්න දිසානායක)
නීති විරෝධී අන්දමින් චොකලට් ආනයනය කොට බෙදා හැරීම සිදු කළ මීගමුව ප්‍රදේශයේ නිවසක් වටලා රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා චොක්ලට් තොගයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව , පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය කියයි.
ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරීන් ලබාදුන් තොරතුරක් අනුව දිස්ත්‍රික් විමර්ශන ඒකකයේ විමර්ශන නිලධාරී කෝසල රංගනාත් මහතාගේ මෙහෙයවීම යටතේ අද සවස මෙම වැටලීම සිදු කොට ඇති අතර සැකකරු ඉදිරි දිනකදී මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd