(ගයාන් සූරියආරච්චි)
රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා මත්පෙති 40,000 ක් ජාවාරම් කිරිම සදහා සන්තකයේ තබාගෙන සිටි වෙල්ලන්කුලම්, මුලංකාවිල් ප්‍රදේශයේ ධීවරයන් දෙදෙනෙක් පෙරේදා (29) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය යාපනය උප ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මුලංකාවිල්, ඉරගෙයිමහනගර් ප්‍ර දේශයේ පදිංචි අවරුදු 26 සහ 36 වියේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකළ අතර සැකකරුවන් මුහුදු මාර්ගය ඔස්සේ මෙම මත්ද්‍රව්‍ය රැගෙන එන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාගේ උපදෙස් පරිදි යාපනය උප ඒකකය මගින් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.
2025 නොවැම්බර් මස 17
26
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
874
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2507
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ලක්ෂ 80 ක මත්පෙති ජාවාරම් කළ ධීවරයෝ 2 ක් දැලේ