
(පද්මා කුමාරී කංකානම්ගේ )
ඉන්දියාවේ සිට නීතී විරෝධී ලෙසින් මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද භාණ්ඩ තොගයක් බොලෙරෝ ජීප් රථයකට පටවා තිබිය දී,නොරොච්චෝල ඉලන්තඩිය කස කැලේ වෙරළ තීරයේ දී සොයාගත් බව කල්පිටිය පොලිසිය කියයි.
එම අවස්ථාවේ රථයේ සැක කරු පළා ගොස් ඇත.
අත් අඩංගුවට පත් භාණ්ඩ අතර ඉගුරු ඇසුරු පාර්සල් 14ක්, ඖෂධ සහිත පෙට්ටි තුනක් වන බව පොලීසිය කියයි. රුපියල් ලක්ෂ 20 කට ආසන්න වටිනාකමින් යුතු වියළි ඉගුරු කිලෝ පන්සියයක් පමණ මෙම ඇසුරුම්වල වේ.
ඔෂධ අතර ඉන්දියාවේ නිශ්පාදිත එන්නත්,විටමින් වර්ග,විවිධ රෝග සදහා විශේෂිත ඔෂධ බව කියයි. අත් අඩංගුවට පත් ජීප් රියේ තොරතුරු අනුව,එහි හිමිකරු අත් අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd