IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


ලක්ෂ්මන් විජේමාන්න සජබට එක් වෙයි

(නිමල කොඩිතුවක්කු)

එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජනබලවේගය හා එක්විය.

එහිදී ඔහු ඉදිරි මැතිවරණවලදී සිය පූර්ණ සහයෝගය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයට ලබාදෙන බවද සඳහන් කළේය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලට පැමිණ ඔහු සිය සහයෝගය පළ කරනු ලැබීය.

ලක්ෂ්මන් විජේමාන්න මහතා එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් හිටපු නායකයා ලෙසද කටයුතු කළේය.

 



අදහස් (12)

ලක්ෂ්මන් විජේමාන්න සජබට එක් වෙයි

කව්ද බෝයි Thursday, 13 March 2025 08:11 PM

මරු ආතල්... ඊයේ ෆෙරාරි සීයාගෙන් සංවිධායක පත්වීමක් අරං, අද පුතාණෝ එක්ක. ෆෙරාරි සීයා දෙවෙනි පාරටත් වාහනේ කුඩුකර ගත්තාද මන්දා..?

:       12       28

පිටරටවැසියා Thursday, 13 March 2025 08:38 PM

වලංගුනැති ෆෙරාරි ලයිසන් වලින් අබලන් මයිනර් පදිනකොට ඔහොම වෙනවා.

:       3       3

SAMAN Thursday, 13 March 2025 09:00 PM

සජිත් සමග සිටි කළුතර මන්ත්‍රීවරයෙක් ආණ්ඩුවට එක්විය. එතනට කළුතර UNP නියෝජනය කරමින් සිටි ලක්ෂමන් විජේමාන්න එක්විය. UNP පක්ෂයේ හිඩැස පිරවීමට කළුතරින් රාජිත එක්විය ?

:       1       4

ප්‍රසද් Thursday, 13 March 2025 09:09 PM

තීන ආන්ඩුව වැටුනොත් බාරගනී කියලා ජනතාව හිතන්නෙත් රනිල්. ආන්ඩුව මේ වෙනකොටත් බයවෙලා ඉන්නේ රනිල්ට. එක ආසනෙන් හරි පාර්ලිමේන්තු එයි කියලා බයවෙලා තීන්නෙත් රනිල්ට. ඒ ආස්සේ මුං සජිතෙක් පස්සේ යනවා. ඒක හරියට ගාමිනී ෆොන්සේකා අපේක්ශාවෙන් ඉන්න ගැලරියට පිංපොංව දානවා වගේ

:       8       4

සමන් පතිරන Thursday, 13 March 2025 09:39 PM

මෙලෝ දෙයක් කරන්න බැරි පඹයෙක් ගියාට අපිට අවලක් නෑ

:       2       4

Shantha Thursday, 13 March 2025 09:58 PM

පෙන්වා නේද .ඒක තමයි අපි NPP උනේ . තව අවුරුදු 100 ක් ගියත් NPP තමයි මේ රට කරන්නේ

:       3       7

තර්ස්ත මාෂල් Thursday, 13 March 2025 10:09 PM

මේ හැමදෙයක්ම මහා වසලයාගේ කුමන්ත්‍රණ . වැඩිකල් යන්නේ නැහැ ප්‍රෝඩාව එලි දකින්න .

:       1       4

sakra Friday, 14 March 2025 01:07 AM

මරු ආතල් . මේ මනුස්සයට ගෙදර චන්ද ටිකවත් තියෙනවද මන්ද ?දැන් අජිත් පෙරේරා එක්ක වලියක් දාගන්න පුළුවනි . එතකොට ආයේ UNP එකට යන්න පුළුවනි.

:       1       5

Kazi Shajahan Friday, 14 March 2025 07:46 AM

හෙට අනිද්දා සජිත් යනවා රනිල් ගාවට ,ඕක තමයි වෙන්නේ ..කිව්වා කියලා මතක තියාගන්න

:       2       5

Rohana Friday, 14 March 2025 08:29 AM

සිරිකොත රැස්වීමෙදි ලක්ෂ්මන්, පක්ෂ නායකයාට තම විරෝධය ප්‍රකාශකරනකොටම සීයා මෙයා අතින් තලල්ලුවක් දමා අහකබලා ගන්නවා දැක්කා.

:       1       6

රුවන් Friday, 14 March 2025 11:42 AM

ප්‍රසාද් දන්නේ නැති වුණාට රනිල් බය වෙලා ඉන්නේ ජාත්‍යන්තර අධිකරණයෙන් මරණ දඬුවම ලැබෙයි. කියලා. ලංකාවේ තාමත් බහුතරයක් කැමැති නෑ රනිල්ට 5% වගේ සුළුතරක් කැමැති රනිල්ට. ඔයත් ඇතුළුව. ඔච්චර ජනප්‍රිය නම් UNP ආසන 20ක් හරි දිනන්න තිබ්බා නේද? ඊයේ මහා රෝහලට ගියාම මිනිස්සු බනින්නේ මේ වර්ජන වලට හේතුව විපක්ෂය කියලා.

:       3       3

Rata Perata Friday, 14 March 2025 12:37 PM

දැන් නම් මොවුන්ගේ මේ පනින සෙල්ලම් දකිනකොටත් අප්පිරියයි. බලන්නකෝ ඡන්දෙකදී මොවුන්ට මොනවද වෙන්නේ කියලා...

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1979 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 622 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 705 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site