
(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජනබලවේගය හා එක්විය.
එහිදී ඔහු ඉදිරි මැතිවරණවලදී සිය පූර්ණ සහයෝගය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයට ලබාදෙන බවද සඳහන් කළේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලට පැමිණ ඔහු සිය සහයෝගය පළ කරනු ලැබීය.
ලක්ෂ්මන් විජේමාන්න මහතා එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් හිටපු නායකයා ලෙසද කටයුතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරු ආතල්... ඊයේ ෆෙරාරි සීයාගෙන් සංවිධායක පත්වීමක් අරං, අද පුතාණෝ එක්ක. ෆෙරාරි සීයා දෙවෙනි පාරටත් වාහනේ කුඩුකර ගත්තාද මන්දා..?
වලංගුනැති ෆෙරාරි ලයිසන් වලින් අබලන් මයිනර් පදිනකොට ඔහොම වෙනවා.
සජිත් සමග සිටි කළුතර මන්ත්‍රීවරයෙක් ආණ්ඩුවට එක්විය. එතනට කළුතර UNP නියෝජනය කරමින් සිටි ලක්ෂමන් විජේමාන්න එක්විය. UNP පක්ෂයේ හිඩැස පිරවීමට කළුතරින් රාජිත එක්විය ?
තීන ආන්ඩුව වැටුනොත් බාරගනී කියලා ජනතාව හිතන්නෙත් රනිල්. ආන්ඩුව මේ වෙනකොටත් බයවෙලා ඉන්නේ රනිල්ට. එක ආසනෙන් හරි පාර්ලිමේන්තු එයි කියලා බයවෙලා තීන්නෙත් රනිල්ට. ඒ ආස්සේ මුං සජිතෙක් පස්සේ යනවා. ඒක හරියට ගාමිනී ෆොන්සේකා අපේක්ශාවෙන් ඉන්න ගැලරියට පිංපොංව දානවා වගේ
මෙලෝ දෙයක් කරන්න බැරි පඹයෙක් ගියාට අපිට අවලක් නෑ
පෙන්වා නේද .ඒක තමයි අපි NPP උනේ . තව අවුරුදු 100 ක් ගියත් NPP තමයි මේ රට කරන්නේ
මේ හැමදෙයක්ම මහා වසලයාගේ කුමන්ත්‍රණ . වැඩිකල් යන්නේ නැහැ ප්‍රෝඩාව එලි දකින්න .
මරු ආතල් . මේ මනුස්සයට ගෙදර චන්ද ටිකවත් තියෙනවද මන්ද ?දැන් අජිත් පෙරේරා එක්ක වලියක් දාගන්න පුළුවනි . එතකොට ආයේ UNP එකට යන්න පුළුවනි.
හෙට අනිද්දා සජිත් යනවා රනිල් ගාවට ,ඕක තමයි වෙන්නේ ..කිව්වා කියලා මතක තියාගන්න
සිරිකොත රැස්වීමෙදි ලක්ෂ්මන්, පක්ෂ නායකයාට තම විරෝධය ප්‍රකාශකරනකොටම සීයා මෙයා අතින් තලල්ලුවක් දමා අහකබලා ගන්නවා දැක්කා.
ප්‍රසාද් දන්නේ නැති වුණාට රනිල් බය වෙලා ඉන්නේ ජාත්‍යන්තර අධිකරණයෙන් මරණ දඬුවම ලැබෙයි. කියලා. ලංකාවේ තාමත් බහුතරයක් කැමැති නෑ රනිල්ට 5% වගේ සුළුතරක් කැමැති රනිල්ට. ඔයත් ඇතුළුව. ඔච්චර ජනප්‍රිය නම් UNP ආසන 20ක් හරි දිනන්න තිබ්බා නේද? ඊයේ මහා රෝහලට ගියාම මිනිස්සු බනින්නේ මේ වර්ජන වලට හේතුව විපක්ෂය කියලා.
දැන් නම් මොවුන්ගේ මේ පනින සෙල්ලම් දකිනකොටත් අප්පිරියයි. බලන්නකෝ ඡන්දෙකදී මොවුන්ට මොනවද වෙන්නේ කියලා...