IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ලංකාවේ ලබන වසර ගැන ලෝක බැංකුව අනාවැකියක් කියයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලබන වසරේ ශ්‍රී ලංකාවට ලඟා කර ගන්නට හැක්කේ  සියයට තුනක ආර්ථික වර්ධනයක් බව ලෝක බැංකුව ප්‍රකාශ කර ඇතැයි මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

"රටේ සමස්ත ආර්ථික තත්ත්වය ගැන බලනකොට මේ යෝජනා ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන ගැටළු එනවා.ලෝක බැංකු වෙබ් අඩවියේ ලංකාවේ ආර්ථිකය ගැන කියා ඇති කාරණයක් උපුටා දක්වන්න මා කැමතියි.ලබන වසරේ ශ්‍රී ලංකාවේ තිබෙන්නේ සියයට තුනක ආර්ථික වර්ධනයක් බව ලෝක බැංකුව කියනවා.ලංකාවේ ආර්ථිකය හොඳ තැනකට ආපු කාලෙක නම් මෙවැනි යෝජනා හොඳයි.ලංකාවේ පාසල් අධ්‍යාපනය අවසන් කරන පිරිසෙන් සරසවියට ඇතුලත් විය හැක්කේ පොඩි පිරිසකට පමණයි.බොහෝ තරුණයන්ගේ රැකියාව බවට පත් වී තිබෙන්නේ ත්‍රිරෝද  රියක් අරගෙන හයර් යාම.දැන් ත්‍රීවිල් හයර් යාමත් අසීරුයි.මොකද සුද්දෝ ඇවිත් ඔවුන්ම ත්‍රී රෝද රථය අරගෙන පදවනවා.එවන් තත්ත්වයක් යටතේ රටේ තරුණ පරපුර ආරක්ෂා කරගත යුතුයි යනුවෙන් ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (10)

ලංකාවේ ලබන වසර ගැන ලෝක බැංකුව අනාවැකියක් කියයි

යෝගා Friday, 11 July 2025 06:07 PM

ලබන අවුරුද්දේ ආර්ථික වර්ධනය 3%යි. ඊට පස්සේ ජේවීපියත් සුපුරුදු 3%ට බහිනවා.

:       56       38

Piyal weerasinghe Saturday, 12 July 2025 06:57 AM

බලාගෙන ඉන්න... එලුවගෙ අහවල් එක වැටෙන කම් වගේ... මේ අන්ඩුව වට්ටන්න බැරි වග...

:       6       8

Neel Friday, 11 July 2025 06:44 PM

මේ අය හැමෝම බලාගෙන ඉන්නේ ආන්ඩුව වැටෙනකම්. මතක තියාගන්න ඕනෑ අපි හිටපු තැන. ඒ නිසා මේ ආණ්ඩුව වට්ටවන්න හිතන්නවත් එපා...

:       44       73

sam Friday, 11 July 2025 09:44 PM

රට බංකොලොත් වෙලා, කුල්ල කුජීත වෙනකල් පාලනය කරපු මිනිස්සු කොහොමද රටේ සංවර්ධනය ගැන කතා කරන්නේ. තරුණයින්ගේ ප්‍රශ්නයට උත්තරයක් හොයන්න ඕනේ. බහුතර තරුණ ප්‍රජාවට රැකියාවක් හොයාගන්න අමාරුයි... ඒකට ආර්ථික රෝදේ කැරකෙන්න ඕනේ. වැඩි විදුලි බිල, වැඩි පඩි -ආයෝජකයින් එන එක සීමා කරනවා. අපි කොහොම කීවත් පටි තදකරගෙන හිටියේ නැතිනම්, නිෂ්පාදන වියදම අඩු කරන්න ආයෝජකයින්ට අවස්ථාව දුන්නේ නැතිනම්, රැකියා ප්‍රශ්නේ ඉස්සරහට අමාරුයි.

:       2       2

de silva berlin Saturday, 12 July 2025 12:10 AM

සුද්දෝ ඇවිත් උන්ගේම ත්‍රීවිල් අරන් යන්නේ අපේ ත්‍රිවිල් කාරයෝ, සුද්දන්ගෙන් නොසෑහෙන ලෙස ගසාකන නිසා, ලංකාවේ මනුස්සයා ගෙනුත් හිතු හිතු විදිහට ගසා කනවා, සංචාරකයන්ගේ මාර්ගෝපදේශන පොත් (Guid book ) වල සහ වෙබ් සයිට් වල මේවා ගැන පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා.. ආණ්ඩුව ඔය ත්‍රිවිල් වල තිබෙන එකඑක කෑලි ගලවන්න යන්න ඉස්සරවෙලා, ඒවාට ටැක්සි මීටර් සවිකරලා, හයර්වලට සාධාරණ මිලක් නියම කරලා නිසි ආකාර නියාමනයක් කරා නම් හොඳ බව මගේ අදහසයි. අපේ දේශපාලකයෝ චීනේ, වියට්නාමයේ සංචාරය කරලා එනවා... බලන්න එම රටවල ප්‍රවාහනය සිදුවෙන ආකාරය සහ මිල...

:       0       9

ගුණරත්න Saturday, 12 July 2025 08:40 AM

සීයට 3ක වර්ධනයක් කියන්නේ මොකක්ද? රනිල්ගේ කාලෙත් සීයට 3ක වර්ධනයක් තිබ්බා, නමුත් ඊට පෙර වසරේ රින වර්ධනයක් නිසා එතැන් සිට බැලුවානම් සීයට 7ක් ඉක්මවන වර්ධනයක්... මේ ආණ්ඩුව ආවාම එක 3 දක්වා පල්ලම් බැහැලා. කයිය තිබ්බාට ඒ වගේ කෙරුම් නැහැ කියන්නේ මේවාට...!

:       9       8

Npp-washing tung Saturday, 12 July 2025 08:43 AM

අනේ යන්න නීල් යන්න. තමුන් වගේ කුලියට ලියන අයට කෙසේ වෙතත් මේ ආණ්ඩුව ගේන්න වැඩ කරපු ගොඩක් අයට හිටපු තැනත් නැතිවෙලා තියෙන්නේ.

:       5       7

රුවන් Saturday, 12 July 2025 09:47 AM

යෝගා වගේ ආත්මාර්ථකාමි දූෂිතයින් ඉන්නකල් ලංකාව කවදාවත් දකුණු කොරියාව, සිංගප්පූරුව වගේ දියුණු කරන්න බෑ. උදාහරණයක් විදියට අල්ලපු ගෙදර ළමයා උසස්පෙළ සමත් නම් එකට දෙහි කපන මිනිස්සු. අපිට වැඩක් නෑ රට NPP ද PJP ද අපිට ඕනේ මේ රට දියුණු කරලා ඊළඟ පරම්පරාවට නිදහසේ ඉන්න රටක් හදන එක මිසක්, තමන් කැමැති ආණ්ඩුවක් රට කරලා රට සෝමාලියාවක් කරන්න නෙමෙයි. මතක තියා ගන්න දියුණු රටවල් කුමන පක්ෂය රජයක් වුණත් රටට වැරැදි දෙයක් කරන්නේ නෑ පසුගිය ආණ්ඩුව පටන් ගත්තු ව්‍යාපෘතිය දිගටම කරනවා. ඊට වඩා හොඳට, එකට ලංකාවේ...? පුළුවන් වෙලාවක යෝගා සිංගප්පූරුවට යන්න ගිහින් එහේ තියෙන නිතීය හරි ඉගෙන ගන්න.

:       3       14

Indrajith Saturday, 12 July 2025 09:48 AM

ආර්ථිකය කඩන්වැටණු රටක වර්ධනයක්..., සතුටුයි, ඒත් ඊට වඩා වර්ධනය විය යුතුයි..

:       3       9

සමන් Saturday, 12 July 2025 02:55 PM

ඇමරිකාව බූවල්ලෙක්. ඌ imf අන්ඩ හරහා ලංකාවට ඉලක්ක ලබාදෙන අතරේ ඒවා සපුරාගන්න බැරි තැනට අනිත් පැත්තෙන් කටයුතු කරනවා. රට වට්ටන්න කොටි පිල්ලුවට තල්ලුව දුන්නෙත් ඔවුන්ම තමයි. Imf උගුලට අහුවෙච්චි කිසිම රටක් ඒකෙන් මිදිලා නැහැ. බටහිරයින්ගේ ලෝක දේශපාලන උපක්‍රම හරීම සංකීර්ණයි. හැබැයි ඒ කාලේ හිටපු ජ.වි.පෙ. නායකයින්ට ඒ ගැන අවබෝධයක් තිබුණා. ලෝකබැංකුව කියන්නේත් ඒ බූවල්ලාගේම තවත් අන්ඩක් තමයි. කපටි ආරක්ෂකයෝ දෙන ගයිඩ් ලයින් එක්ක වැඩ කරලා ගොඩයයි කියලා හිතං ඉන්නවනම් ඒක හිතළුවක් විතරයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 470 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2219 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1668 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site