
(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ තුන්වන ජනන යන්ත්‍රය වාර්ෂීක නඩත්තුවක් සදහා දින 25 කට අද(13 ) රාත්‍රියේ සිට ජනන කටයුතු නවතා දමන බව විදුලි බල මණ්ඩල ඉහළ නිළධාරීයකු කළ විමසිමේදි පැවසිය.
ලක්විජය බලාගාරයෙ පළමු, දෙවන හා තුන්වන අදියර තුනක් ඇති අතර එයින් තුන්වන ජනන යන්ත්‍රය මෙලෙස ජනන කටයුතු නවතා වාර්ෂීකව සිදුකරන නඩත්තුව සිදු කිරීමට නියමිත බවද කියයි.
නොරෝච්චෝල බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවෝට් 900 කට ආසන්න විදුලි ධාරීතාවයක් ලබා දෙන අතර තුන්වන අදියර නැවතී යාමත් සමඟ එය මෙගාවොට් 600 කට ආසන්න සිමාවකට යටත් වන බව කියයි.
කෙසේ නමුත් තුන්වන ජනන යන්ත්‍රය දින 25 ක නඩත්තුවට නවතා දැමුවද රටේ විදුලි අවශ්‍යතාවයට කිසිදු ගැටළුවක් නොවන බව විදුලි බල මණ්ඩල ඉහල නිළධාරීන් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද යුගයේ සිට ඩොලර් බිලියන ගානක් වියදම් කරලා තියෙනවා මේකට. හදන්න ඩොලර් බිලියන 1යි. ඇත්තටම මෙකෙන් රටට සෙතක් වුනා ද? අදායම් වලට පරයා වියදම්. හදපු දවසේ සිට කැඩෙනවා. රුසියාවේ, ඇමරිකාවේ විදුලි බලාගාර අවුරුදු 50-60 දුවන්න විදියට හදනවා. ලංකාවේ මාස 3යි කැඩෙනවා.
නොරොච්චෝල දැන් හරිම කරච්චලයක් වෙලා තියෙන්නේ. නිතරම කැඩෙනවා. අලුත් එකක් කියලා වංචනික විදිහට අබලන් එකක් ගෙනැල්ලා හයි කරලා වගේ...