(අංජුල මහික වීරරත්න)
ආර්ථික අවස්ථා අත්පත් කරගත හැකි දරු පරපුරක් බිහි කිරීමට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙහිදී ප්‍රකාශ කළාය.
ලෝකයේ දැනුම අත්පත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා දරු පිරිස සූදානම් කිරීම මෙන්ම ආත්ම ශක්තියකින් හෙබි දරු පරපුරක් නිර්මාණය කිරීම රජය අපේක්ෂාව බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
කොළඹ විශාඛා විද්‍යාලයේ විශේෂ ශිෂ්‍ය පාර්ලිමේන්තු සැසිවාරය ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභාගර්භයේ දී අද (25) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කීවාය.
ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය මගින් පාසල් ළමුන් සඳහා ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් මාලාවට සමගාමීව මෙය සංවිධාන කෙරිණි.


COMMENTS
මහා කයියා වගේමයි .කරුණාකරලා හදලා ඉවරුනාම අපිට කියන්න .කරන්න යන්නේ කියන ඒවා අහලා එපාවෙලා
ලංකාවේ මේ සංස්කෘතිය වෙනස් කරන්න අමාරුයි. සත්තු වත්තේ සත්තු විතරයි හරියට ඉන්නේ නැත්තං ඒ අයත් වර්ජන කරන රටක් මේක.
කතා කතා.. කතා... ඔච්චරම තමයි
ඒක නම් හොඳටම පේනවා අපට. ඔබතුමාගෙන් අපේ දරුවන්ට ගත හැකි ආදර්ශ බොහොමයි, විශේෂයෙන් දූවරුන්ට.
සමලිංගික පරපුරක් බිහි කරමු - common JVP
ආදරණීය දෙමව්පියනි, මෙයාලගේ යටි අරමුණු හොඳට තේරුම් ගන්න. බයිලා කියාගෙන එන්නේ. ගොනා පොල්පැලේ කන්න.