IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලෝකය ඉල්ලන ගෝලීය පුරවැසියා හදනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

ලෝකය අපේක්ෂා කරන ගෝලීය පුරවැසියෙක් නිර්මාණය කිරීමේ අභියෝගය ජයගන්නා බව මොණරාගල දිස්ත්‍රික් මන්ත්‍රී රුවන් විජේවීර මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ කල්තැබීමේ යෝජනාව සභාවට ඉදිරිපත් කරමින් රුවන් විජේවීර මහතා මේ බව කීය.

"2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත අධ්‍යාපනයේ සුවිශේෂී ප්‍රතිසංස්කරණ පිළිබඳව අද  විවාදය පැවැත්වෙනවා.

 දශක ගණනකින් පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් නොකිරීම නිසා දරුවන්ට නවීන අධ්‍යාපනය අහිමි වී තිබෙනවා.සමාජයේ වර්ධනයක් මෙන්ම පරිවර්තනයක් අපේක්ෂා කරනවා නම් ඒ සඳහා හොඳම මෙවලම වන්නේ අධ්‍යාපනය බව අධ්‍යාපනඥ ජෝන් ලූවී පවසා තිබෙනවා.

 සමාජය වඩා හොඳ කිරීම සඳහා අවශ්‍ය  ප්‍රතිසංස්කරණය කළ යුත්තේ අධ්‍යාපනයෙන්. කාලයක් තිස්සේ අප රටේ අධ්‍යාපන පද්ධතියේ සමස්ත ප්‍රතිසංස්කරණයක් කර නැහැ.ගෝලීය තත්වයන් වෙනස් වුවත් ඊට සමපාතව අධ්‍යාපනය වෙනස්වී නැහැ.

ඒ නිසා අධ්‍යාපනයේ බරපතළ වෙනසක් විය යුතුයි.අධ්‍යාපන ක්‍රමය මෙන්ම  විෂය මාලාව පිළිබඳව බරපතළ අර්බුදයක් තිබෙනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (3)

ලෝකය ඉල්ලන ගෝලීය පුරවැසියා හදනවා

යෝගා Thursday, 24 July 2025 03:08 PM

තමන් උපන්න, ජීවත්වන රටේ ඉතිහාසය නොදන්න ආතක් පාතක් නැති අයෙකුට ගෝලීය පුරවැසියෙක් වෙන්න කවදාවත් බෑ. සමාජයට වෛර කරන කුහක ජෙප්පෙක් නම් වෙන්න පුළුවන්.

:       2       4

sene Thursday, 24 July 2025 03:19 PM

බොරු කයිවාරු ගහමින් ද ?

:       2       2

ගුණරත්න Thursday, 24 July 2025 08:05 PM

මේ කතාවේ තේරුම මොකක්ද? ලෝකය ඉල්ලන ගෝලීය? ඔය රෙද්දක් නොවේ පොඩිවුන් පරීක්ෂණාගාර මීයන් නොකර ඔවුන්ට අදාළ විදියට උගන්වන්න... එච්චරයි.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 4 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site