
(අංජුල මහික වීරරත්න)
ලෝක වෙළෙඳ සංවිධානයේ ධීවර සහනාධාර පිළිබඳ ගිවිසුමේ අදියර I ට එකඟතාවය දීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2017 වසරේදී ආර්ජන්ටිනාවේ බුවනෝස් අර්යස්හි පවත්වන ලද ලෝක වෙළෙඳ සංවිධානයේ 11 වැනි අමාත්‍ය සම්මේලනයේදී ධීවර සහනාධාර නියාමනය කිරීම පිළිබඳව ගෝලීය ගිවිසුමක අවශ්‍යතාව තහවුරු කර ඇත.
ඒ අනුව, ලෝක වෙළෙඳ සංවිධානය 2022 වර්ෂයේ පැවති 12 වන අමාත්‍ය සම්මේලනයේදී ලෝක වෙළෙඳ සංවිධානයේ ධීවර සහනාධාර පිළිබඳ ගිවිසුම සම්බන්ධයෙන් වන කටයුතු අවසන් කර තිබේ.
එකී ගිවිසුම මඟින් නීති විරෝධී, වාර්තා නොවූ සහ අවිධිමත් ධීවර කටයුතු වලට දායක වන සහනාධාර තහනම් කිරීම, අධි අස්වනු කරනු ලැබූ මත්ස්‍ය තොග සඳහා සහනාධාර තහනම් කිරීම සහ අධිධාරිතාව හා අධික ලෙස මසුන් ඇල්ලීම සඳහා දායක වන සහනාධාර තහනම් කිරීම යන ප්‍රධාන කුලුනු තුන ආවරණය වේ.
ඉහත සඳහන් පළමු කුලුනු දෙක ඇතුළත්ව සකස් කරනු ලැබ ඇති ධීවර සහනාධාර පිළිබඳ ගිවිසුමේ අදියර I ට අනුමැතිය දීම 2023 වර්ෂයේ සිට ලෝක වෙළෙඳ සංවිධානයේ සාමාජික රටවල් විසින් ආරම්භ කර ඇත. සාගර තිරසර භාවයෙහි ශ්‍රී ලංකා නායකත්වය ශක්තිමත් කිරීමට, ප්‍රධාන වෙළෙඳ පොළවල ශ්‍රී ලංකාවේ වෙළෙඳ තත්ත්වය ශක්තිමත් කිරීමට, ශ්‍රී ලංකාවේ ධීවර අංශය නවීකරණයට අත්‍යවශ්‍ය ධාරිතාව ගොඩනැංවීමට සහ තාක්ෂණික සහාය සපයා ගනිමින් ලෝක වෙළෙඳ සංවිධානයේ විශේෂිත ධීවර අරමුදලින් ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වන පරිදි ධීවර සහනාධාර පිළිබඳ ගිවිසුමේ අදියර I අනුමත කිරීම පිණිස ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 04
579
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලෝකයෙන් ධීවර සහනයක් ගන්න පියවරක් තබයි