
(අංජුල මහික වීරරත්න)
ඉදිරියේදී ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ජපානයේ නව රැකියා ක්ෂේත්‍ර විවෘත කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමතා අකිඹ මහතා (Mr. Isomata Akio) කීය.
ජපානයේ වැඩිහිටි ජනගහනය ඉහල යාමත් සමග වැඩි වශයෙන් විදේශ ශ්‍රමිකයින් එරටට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බවත්, ඒ අතරට ශ්‍රී ලාංකිකයින්ට වැඩි අවස්ථාවක් ලබාදීමට කටයුතු කරන බවත් තානාපතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා විදේශ සේවා නියුක්ති කාර්යංශයේදී හමු වූ අවස්ථාවේදී ජපන් තානාපතිවරයා මේ බව කීය.
එසේම ජපානයේ රැකියා සඳහා යොමුවන ශ්‍රී ලාංකිකයින්ට ලබාදී ඇති පුහුණුව පිළිබඳව සිය සතුට පළකළ තානාපතිවරයා ශ්‍රී ලාංකික තරුණයින්ගේ සත්කාර ක්‍රමයන් ඉතා ඉහලින් අගය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපානය කියන්නේ අවංක රටක්, එහේ මිනිසුත් කැමැති අවංක, නීතිගරුක මිනිස්සුන්ට. ලංකාවේ ආණ්ඩුවත් ඒ වගේ නම් ජපානය වගේ දියුණු වෙන්න උදව් කරනවා. ජපන් සමාගම් ලංකාවේ ආයෝජනය කරන්න ලැබේවා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා. ලංකාව, සිංගප්පූරුව, දකුණු කොරියාව වගේ දියුණු වෙනවාට අපිත් කැමැතියි.