IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ලංවීම කෑලි කඩයි

(අජන්ත කුමාර අගලකඩ)

ප්‍රතිව්ව්‍යුහගතකරණය යටතේ ලංකා විදුලිබල මණ්ඩලය අහෝසිකර රජය සතු නව සමාගමේ අටක් පිහිටුවීමට විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කරන ලද කමිටුව රජයට නිර්දේශ කර ඇත.

ඒ සඳහා 2002 අංක 6 දරන විදුලිබල පනත අහෝසි කරන නව පනත් කෙටුම්පතක් විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා විසින් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිත බව බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.

විදුලිබල මණ්ඩලය වෙනුවට නව සමාගම් අටක් පිහිටුවීමට අදාළව ඉදිරිපත් කරන ලද කමිටු වාර්තාව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා විසින් ඉකුත් සතියේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන ලද අතර ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද මේ වන විට ලැබී ඇත.

පිහිටුවනු ලබන නව සමාගම් 8 යටතේ විදුලිය ජනනය සඳහා සමාගම් දෙකක් ද සම්ප්‍රේෂණය සඳහා සමාගම් දෙකක් සහ බෙදාහැරීම සඳහා සමාගම් හතරක් වශයෙන් මෙම පිහිටුවීමට යෝජනා වී ඇත.

විදුලිය ජනනය සඳහා පිහිටුවනු ලබන සමාගම් දෙකෙන් එකක් ජල හා පුනර්ජනනීය බලශක්තිය සඳහා ද අනෙක් සමාගම ඉන්ධන බලාගාර සඳහා ද පිහිටුවීමට යෝජනා වී ඇතැයි දැනගන්නට තිබේ.

එම සමාගම් රජයට බරක් නොවී ව්‍යාපාරික ආයතන ලෙස පවත්වාගෙන යාමට ද යෝජනා වී ඇත.

විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී තනතුර වෙනුවට මෙම සමාගම් අට සඳහා නිසි බලධරයකු පත් කිරීමට ද යෝජනා වී ඇතැයි වාර්තා වේ.

ඉන්ධන ,විදුලිය සහ ජලය සඳහා පිහිටුවා ඇති මහජන උපයෝගිතා කොමිසම වෙනුවට, විදුලිය සඳහා වෙනම මහජන උපයෝගීතා කොමිසමක් පත් කිරීම සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමුවී ඇතැයි දැනගන්නට තිබේ.

මේ අතර ,විදුලි බිල සියයට 70කින් වැඩි කිරීමට යෝජනා වී ඇති අතර, ඉන් සියයට තිහක් ජනවාරි මාසයේදී ද ,ඉතිරි සියයට 40ජුනි මාසයේදී ද වැඩි කිරීමට යෝජනා වී ඇතැයි වාර්තා වේ.

 



අදහස් (23)

ලංවීම කෑලි කඩයි

යෝගා Sunday, 04 December 2022 01:45 PM

කෑලි අටම පුද්ගලික අංශයට දෙන්න. තවදුරටත් දේශපාලුවන්ගේ, ඉංජිනේරුවන්ගේ හොරකම් ජනතාවට දරාගන්න බෑ...

:       10       120

කමල්Sunday, 04 December 2022 02:39 PM

ඕක පෞද්ගලිකද රජයේද නෙමෙයි ප්‍රශ්නය... ප්‍රශ්නය තියෙන්නේ වෙළඳපොළ ඒකාධිකාරය. තරඟකාරීත්වය නැත්නම් කවුරු හිටියත් එකයි. එක කොම්පැනියකට දෙකකට හරි තුනකට හරි කොතැනකදී හරි ඒකාධිකාරයක් ආවොත් නාස්තිය පාරිභෝගිකයාට පාස් වෙන එක වළක්වන්න අමාරුයි. රජයේ වුණාම වෙන්නේ නාස්තිය රජයම දරා ගන්නවා. කාටවත් ගාණක් නෑ. පෞද්ගලික අංශය නාස්තිය පාස් කරනවා. මම උදාහරණ දෙන්නම් ලංකා අයිඕසී ලාබයි කියලා මොකුත් අඩුවට දෙන්නේ නෑනේ. සමහර විට තෙල් සංස්ථාවටත් වඩා ගණන්. ඒ වගේම තමයි ලිට්රෝ එකත්. ඊට අමතරව පාරිභෝගික සේවා අධිකාරිය තිබ්බට සහල් ඒකාධිකාරය නිසා හාල් මිල අඩුවෙන්නත් නෑ...

:       8       58

nimalSunday, 04 December 2022 05:11 PM

ඕක තේරුම් ගන්න අපේ රටේ මිනිස්සුන්ගේ බුද්ධිය මදි. එක එක වෘත්තිකයින්ගේ සහ දේශපාලුවන්ගේ ගැටවලට අහුවෙලා....

:       7       38

Prase Monday, 05 December 2022 07:20 AM

නොදන්නා දේවල් කතා නොකර ගෙදරට වෙලා ඉන්න .කාට වික්කත් මිල තීරණය කරන්න රජය.රජයට තිබ්බම හොරා කනවා ජොබ් වලට පුරවන්න හිතවත් අය .හොර කන්ට්‍රැක් ගහනවා කියන්න ගියොත් කෙළවරක් නෑ කරුණාකරලා ආර්ථිකය ඉගෙන ගන්න පාසල් යන්න

:       2       3

Lal Sunday, 04 December 2022 02:23 PM

සියලුම දේවල් පුද්ගලීකරණය කරන්න. අල්ලස්, දූෂණ අවමකිරීමටත්, කාර්යක්ෂමතාවය වැඩිකිරීමටත් හේතුවේවි...!

:       6       62

pakeer! Sunday, 04 December 2022 02:28 PM

කරුණාකර මේ සමාගම් පිටරටවලට දෙන්න. ලංකාවේ එවුන්ව ගාවාගන්න එපා. එතකොට ඩොලර් ප්‍රශ්නයත් ගොඩක් දුරට විසඳෙනවා.

:       15       60

කිරිපුතා Sunday, 04 December 2022 02:47 PM

කෑලි නෙවෙයි කුඩුකරලා හරි හොරකම් නතර කරන්න ඕනෑ. නැත්නම් ජනතාව මැරෙන්නේ විදුලි බිල් ගෙවලා...

:       2       57

amila Sunday, 04 December 2022 02:56 PM

පුළුවන් නම් පාර්ලිමේන්තුවත් පුද්ගලීකරණය කරලා ජපන් අගමැතිවරයෙක් යටතේ පුද්ගලික පාර්ලිමේන්තුවක් හදලා දෙන්න. එතකොටවත් වැඩක් වෙයි රටට...

:       3       75

Rexi Sunday, 04 December 2022 03:59 PM

කරන්න පුළුවන් නම් මේක තමයි ලෝකයේ හොඳම සොයාගැනීම...

:       1       41

janahitha Sunday, 04 December 2022 04:11 PM

කෑලි කඩලා, කුඩුකරලා, දියකරලා රාජපක්ෂ පවුලේ ඔලුවේ ගාන්න. රට සුවවෙනවා අනිවාර්යයෙන්ම...

:       5       27

මාලන් Sunday, 04 December 2022 04:15 PM

බලශක්තිය පුද්ගලීකරණය කරලා කම්පැනි වලට ඕනෑ විදියට රට පාලනය කරන කොට තේරුම් යයි ආවට ගියාට රටේ හදවත වගේ වැදගත් බලශක්තිය විකුණන එකේ රඟේ... ලෝකයේ බලශක්තිය විකුණපු රටවල්වලට අද වෙලා තියෙන දේට හොඳ උදාහරණයක් නේපාලේ... ඕනෑතරම් රටවල් බලශක්තිය රජයේ තියාගෙන කාර්යක්ෂමතාවයෙන් සේවය සපයනවා. රජය යටතේ තියෙන කොට හැම එකම පාඩුනම්, විකුණන එකනම් විසඳුම රජයක් ආණ්ඩුවක් ඕනෑත් නෑ ඒකත් පිටරට කොම්පැනිවලට දුන්නාම ඉවරයි. කරන්න ඕනෑ විකුණන එක නෙමෙයි... හරි මිනිස්සු පාලනයට පත් කරගන්න ඕනෑ. මේ හොරු රැල එක්ක රට විකිණුවත් ලැබෙන දෙයක් නෑ. හරියකට දේශිය හාල් මාෆියාවත් පාලනය කරන්න බැරි ආණ්ඩුවක් පිටරට කොම්පැනි බලශක්තිය පාලනය කරන්න ගත්තාම මොකද වෙන්නේ...? මෝඩකමට විකුණන එක හොඳයි කියලා අනාගත පරම්පරාවගේ ජීවිත විනාශ කරන්න එපා...

:       37       30

චින්තක Sunday, 04 December 2022 06:40 PM

බලපල්ලා මෙයා හරියට කතා කරන්නේ එයා මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු කෙනෙක් වගේමයි. අපි අවුරුදු 74ක් මණ්ඩල, සංස්ථා, අධිකාරි කොපමණ හැදුවත් හොරාකෑම නැති වෙන්න නීති හදන්න බැරිවුණා. කරන වැරැදි සඳහා දඬුවම් දෙන්න ක්‍රමයක් හදන්න බැරිවුණා. ඉතින් කෑලි කැඩුවොත් නඩත්තු වියදම් තවත් අටගුණයකින් වැඩිවෙයි.. හැමදාම, හැමවිටම පාඩුයි කියනවා මිස පාඩු වෙන්නේ කොහොමද? ඒවා නැතිකරන්නේ කොහොමද? සොයන්නේ නැහැ. කොපමණ පාඩු වුණත්, වර්ෂය අවසානයේ බෝනස් ගෙවීම් නතර කරන්නෙත් නැහැ... බෝනස් ගෙවීම මණ්ඩලයේ ලාබ තිබෙනවා නම් පමණක් කරන්න ඕනෑ.. අතිකාල වුණත් ගෙවීම කරන්න ඕනෑ... ගෙවන මුදලට සරිලන සේවයක් ඇත්නම් පමණයි... ප්‍රතිව්‍යුහගත කරන්න ඕනෑ පාඩුව නවතන්න හා මණ්ඩලයේ අයගේ ආකල්ප වෙනස් කරන්න පමණයි...!

:       7       35

AkilaSunday, 04 December 2022 07:54 PM

ඔය හරි මොඩයිනේ, නිලධාරීන් කොහොම බෝනස් ගත්තත් මොකද අපිට වැදගත් වෙන්නේ විදුලි බිල, දැන් ඕවා විකුණුවට පස්සේ ගත්තු අය විදුලි බිල 200%ක් වැඩි කරනවා කිව්වොත් කවුද එකට විරුද්ධ වෙන්නේ? රනිල් කියයි අපිට ඒවා ගැන හොයන්න අයිතියක් නැහැ කියලා...

:       18       15

මාලන් Monday, 05 December 2022 03:17 PM

මේකේ අදහස තේරුම් ගන්න තරම් බුද්ධියක් නැති වීම ගැන කණගාටුයි. හරි මිනිස්සු පත් කරන්න කිව්වේ හොරකම් නාස්තිය අඩු කරන්න මිසක් මණ්ඩලේ අයට බෝනස් දෙන්න නෙමෙයි. බලශක්තිය පිටරටකට දුන්නොත් වෙන දේ කිව්වේ...

:       1       1

janahitha UAEMonday, 05 December 2022 07:21 PM

වෙනත් රටවල බලශක්ති අර්බුද බොහෝම අඩුය... හේතුව නම් පෞද්ගලික අංශයද සහභාගි කරගෙන ඕනෑම අර්බුදයකට හරියන ලෙස පාලනය වැඩිදියුණු කිරීමය... නිෂ්පාදන වියදමට අඩුවෙන් සැපයුම් බලාපොරොත්තු වෙන්නෙත් දුප්පත්කම සහනයක් ලෙස සිතන්නෙත් කාර්යක්ෂම නොවන ජනතාව පමණි...

:       0       1

Rohan Sunday, 04 December 2022 04:19 PM

විකුණලාම දාන්න තනි හොරු... ඔයවගේ ඉන්න නිලධාරීන්... ඒ නිසා තමයි ඕවා පාඩු...!

:       4       30

විපරමා Sunday, 04 December 2022 04:27 PM

ඔය තැන්වල ඉන්න හොර දූෂිතයින් ඉන්නකම් වැඩක්වෙන එකක් නැහැ.

:       3       25

Nuwab Sunday, 04 December 2022 06:20 PM

ආණ්ඩුවේ ආයතනවල ලාබ ගැන හොයන්නේ නෑ. උපාසකයෙක් ගියත් හොරකම් කරනවා. රටේ හැම එකාම හොරු... පුද්ගලික ව්‍යාපාර ඒවාට වැට බදිනවා. වෘත්තීය සමිති කාරයින් දේශපාලකයින් එක්ක හොරාකනවා. අවුරුදු 72ක් තිස්සේ රාජ්‍ය ව්‍යාපාර රටේ මුදල් කාබාසිනියා කළා. පුද්ගලික ව්‍යාපාර ලාබ ලබනවා. බලශක්තිය පුද්ගලික කරලා වැටුණු රටක් කොහේද තියෙන්නේ...? මේ වැඩේ 2002 කළා නම් අද රට කොරියාවේ ගාණට ඇවිත්..!

:       6       19

Janaka Sunday, 04 December 2022 09:29 PM

විදුලි බල මණ්ඩලය කෑලි කරලා හිතවතුන්ද විකුණා දැමීමට පස්සේ මේකේ කොමෙන්ට් දාන අයට තේරුම්ගත හැකි වෙයි ඒකෙ බරපතල තම. ලයිට් බිල් 70% වැඩි වුනාට කිරි පිටි මිල වැඩි වුණේ 200% විතර. ඔය ඕනම ආයතනයක් වික්ක කියලා ඒකේ ඉන්න වුනාට හානියක් වෙන්නෑ. වෙන්නෙ අපටමයි. ගත්ත මුදලාලිට එයාගෙ කොටස ලැබෙනවනම් වෙන දෙයක් හොයන් නෑ. ඉන්න වුන් ඔක්කොම මුදලාලිත් එක්ක එකතුවෙලා අපේ බිල් වැඩිකරනවා. මේකට ගොඩක් dislike වැටෙයි. හැබැයි ටික කාලයක් යනකොට වියත් මග වාගේ වෙනවා. පෙන්නන දේට වැඩිය කල්පනා කරලා බලන්න.

:       18       13

Perera Monday, 05 December 2022 09:32 AM

ඔයා මොනවා කලත් ලංකාව දැන් ගොඩ ගන්න බැහැ

:       4       7

Ashok Monday, 05 December 2022 12:40 PM

නැවත නම් අවුරුදු 50ට වැඩි කාටවත් ඡන්දයක් දෙන්නේ නෑ...

:       0       3

ranjithMonday, 05 December 2022 01:52 PM

මෙයාලගේ බල තණ්හාව ඇරුණාම වෙන මොකුත් නැත.. පාර්ලිමේන්තු ගිය එක මැරෙනකම්ම බොරු බේගල් කියමින් පැලපදියම් වෙලා ඉන්න තමයි හදන්නේ...

:       0       1

naleen Monday, 05 December 2022 02:29 PM

කෑලි කඩකඩ ඉන්න දෙයක් නෑ. ඕක කුඩු කරලා විකුණලා දාන්න. අහිංසක, දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි කාබාසිනියා කරන රාජ්‍ය ආයතන. ඔව්වා තිබුණොත් වෙන්නේ රට තවත් වලපල්ලට යන එකයි...!

:       2       2

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 904 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 175 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1070 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1107 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1392 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1239 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site