(අජන්ත කුමාර අගලකඩ)
ලංකා විදුලි බල මණ්ඩලයත් , මහජන උපයෝගිතා කොමිෂන් සභාවත් අතර ඇති වී තිබෙන අර්බුදය විසඳා ගන්නා තෙක් තමා කැබිනට් රැස්වීම්වලට සහභාගි නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (2) කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි බල මණ්ඩලයට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන්ද අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා රජයේ ආයතනයක් තවත් රජ්‍ය ආයතනයකට එරෙහිව නඩු පැවැරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවද පවසා ඇත.
මෙවැනි ක්‍රියාවලින් එම ආයතන පිරිහීමට ලක්වනවා මෙන්ම පරිභෝගික ජනතාවද පීඩනයට පත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට තිබේ.
එබැවින් මෙම අර්බුදය වහා විසඳා ගත යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
මේ අතර මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩිව විවේචනය කර ඇතැයි වාර්තා වේ.
COMMENTS
එතකොට සතොසට, රජයට අයත් හෝටල් වගේ ඒවාට විරුද්දව මහජන සෞඛ්‍ය පරීක්ෂක නඩු දන්නේ නැද්ද? ආයතන දෙකම රජයේ ආයතන වුනත්, පුද්ගලික වුනත්, මහජනතාව පීඩවට පත්කරනවද, නීතියට පිටින් යනවද, ඊට විරුද්ද විය යුතුයි.
ආණ්ඩුවක් තියෙන්නේ තීරණ ගන්න. නමුත් දැන් තීරණ ගන්නේ කොහෙවත් ඉන්න නිලධාරියෝ. අකාර්යක්ෂමතාව තමයි ඉතින්.
අපේ උන්දැත් ඔහොම තමයි. කිසිම වැදගත්කමක් නැති දෙයකට තරහ වෙනවා.
ජනාධිපතිතුමා, ඔබ රටේ ප්‍රධානියා, ආරවුලෙන් පැන නොයන්න, කරුණාකර මැදිහත් වන්න.
අපේ ආ්චිත් ඔයා වගේමයි... කිසිම හේතුවක් නැතුව තරහවෙලා කෑමත් වර්ජනය කරනවා (හැබැයි හවස්වෙලා කනවා)....බලාගෙන ගියහම පොඩි බබ්බු වගේ... කොහොමත් ඔබතුමා තව දවස් කිහිපයයි නේද ඉන්නේ.......
ඉන්දියාවෙන් ලංකාවට විදුලිබලය ලබාගැනීමට හැකියාවක් තිබේද යන්න ලංකා රජය සොයා නොබලන්නේ මන්ද? රාජතාන්ත්‍රික මැදිහත් වීමක් වුවහොත් ඉන්දියාවෙන් අඩුමිලට ලංකාවට විදුලිබලය ලබාගැනීමට හැකියාවක් තිබේ.
විදුලි මණ්ඩලයට නඩු දාපු එක හොදි හැමදාම හොරකම මේ ආණ්ඩුවේ වැඩිකලක් එම ඇමතිධූරය දෙරුවේ ශ්‍රී ලංකා පක්ෂයේ කෙනෙක් මේ හැම කෙනාම කරපු වැඩක් නෑ....... මේවට නඩු දාල වැරදී කාරයෝ හිරේ දන්නා මිනිස්සු විදින දුක් මුන්ට කවදාවත් තේරෙන්නේ නැ
මම එන්නේ නෑ... තරහම තරහයි..
ගමේ ගතිය. ප්‍රශ්නවලින් පැනල යනවා. පෞර්ෂයක් නැති කම . නායකයෙක් නොවන බව .. අපේ පවට මෙවන් අය රටේ නායකයන් වන බව
ගිහින් ටොක්කක් ඇනල පාරිභෝගික අධිකාරියේ ඉන්න මෙලෝ හසරක් නොදන්නා බක පන්දිතයින්ට තේරුම් කරලා දෙන්න රටේ නායකයට බැරිද. ප්‍රශ්න වලින් මග හරින එකද යුතුකම. ඉස්සර ජනාධිපති ප්‍රේමදාස පලාතට එනවා කීවත් රජයේ සේවකයෝ බයයි මොකද එතුමා ගේ උකුසු ඇසෙන් වැරදි කරන නිලධාරින් ඇල්ලුවා සහ නිසි ක්‍රියාමාර්ග ගත්තා. ජනාධිපති මහින්දත් ප්‍රශ්න කඩිනමින් විසඳුවා මේ වගේ පැත්තකට වෙලා හිටියේ නැහැ ,ඔහු නැතිනම් නොරොච්චෝලේ අදටත් අපිට නැහැ.
විහිලු සෑපයීමෙත් සීමවක් තියෙන්න ඕන නේද. ඔය තනතුර තියෙන්නේ කියව කියව ඉන්න නෙමේ වැඩ කරන්න !
මෙය හරියට අපට අරක හෝ මේක දුන්නේ නැත්නම් වැඩට එන්නේ නැහැ. ඕන කෙනෙකුට කියලා වැඩටික කර ගන්න එකයි ඇත්තේ යන අදහස් නොවේද ? රටේ මුල්පුරවසියාට පුරවැසියන් විසින් ලබාදිඇති බලතල අනුව රටේ මහජනතාවට පිඩාවක් හෝ අවැඩක් හෝ අකටයුත්තක් වෙන අවස්ථාවල ඔහුට අයිති බලතල ක්‍රියාත්මකර උගත් හෝ නුගත් ද්‍රෝහින්ව පන්නා දැමීම කලයුතු නොවේද ? විදුලි මාෆියාවට කලයුත්තේ එය නොවේද ? මෙහි ඉහල තනතුරු දරන උගත් [ඉරිස අප සියල්ලොගේම බදුමුදල් වලින් ඉහලටම ඉගෙනගෙන මහජනතාවටම පිඩා වෙන ලෙස ක්‍රියා කිරීම සාධාරණද නැද්ද ?
පොඩි ළමයි වාගේනේ.
කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියාගේ වගකීම, කැබිනට් මණ්ඩලයේදී ප්‍රශ්න සාකච්චකර ගැටළු නිරාකරණය කිරීම , ප්‍රශ්න තිබෙන අවස්ථාවේ ජනාධිපති වරයාගේ පැමිණීම ඉතා වැදගත් , රටේ තීරණාත්මක ප්‍රශ්න වලින් ඇඟ බේරාගෙන පැත්තකට වෙනවා නම් මේක ඔහුගේ විශාල දුර්වලතාවයක් , ඡන්දය දුන් සහ ජනාධිපතිතුමා නඩත්තු කරන්න බදු මුදල් ගෙවන ජනතාවට කරන ද්‍රෝහී කමක්. ජනාධිපති තනතුරේ වගකීම් ඉටු කිරීමට ශක්තියක් නැත්නම් කරන්න තියන හොඳම දෙය හැකි ඉක්මනින් ජනාධිපතිවරණයක් පැවැත්වීම. එතකොට ජනතාව කැමති කෙනෙක් පත්කර ගනීවි. නැත්නම් මේ විදිහට තීන්දු තීරණ නොගෙන සිටීමෙන් රටේ ආර්ථිකය කඩාවැටී ජනතාව කබලෙන් ලිපට වැටෙනු ඇත.
මේක සම්පූර්ණයෙන්ම කුණු කසළ ගොඩක්. මෙම පුද්ගලයා තමා දැරූ ස්ථාවරය තේරුම් ගැනීමට මෙම පුද්ගලයාට නොහැකි විය. ඔහු සිතන්නේ එය ස්වාමි පුරුෂයා සහ බිරිඳ අතර ගැටුමක් වැනි දෙයක් යැයි සිතන බවයි.
රටක නායකයෙග්ගෙන් මේවගේ කතාවක් ඇහුවමයි. කට්ටියම ගෙන්නලා කියන්නේ තියෙන්නේ හෙට උදේ වෙනකොට මේ ප්‍රශ්නේ විසදන්න කියලා මිසක් හැංගෙන්න නෙමෙයි.
තමුන්නාන්සේ කට වහගෙන පෙත්තකට වෙලා හිටියොත් ඇති සත පහක වෙඩක් නැති ජනාධිපතිතුමෙක්
මෙතෙක් කල් හැමදාම රාජ්‍ය නිලධාරීන් විසින් අනික් රාජ්‍ය නිලධාරීන්, ඇමතිවරුන්, දේශපාලුවන්ගේ හෙන්චයියන් වගේ හැම බල්ලයි නරියයි ආරක්ෂා කොර කොර හිටපු නිසා තමයි අපේ රට අද මේ තත්වෙට පත්වෙලා තියෙන්නේ.
ඕන් මට නොකිය රණ්ඩු වුනොත් එහෙම මම තලහම තලහයි.
කැබිනට් මණ්ඩලේ ප්‍රශ්න ඇති වෙනකොට නිදා වැටි වැටි ඉඳීවි , එහෙම නැත්නම් කැබිනට් මණ්ඩලේ රැස්වීම් මග ඇරලා ඉඳීවි , පස්සේ වැඩේ අවුල් වෙලා මුළු රටම අමාරුවේ වැටුනහම කියාවි මම මේ මුකුත් දන්නේ නැහැ , මේවා ඔක්කොම කරලා තිබෙන්නේ මගේ අනුදැනුමක් නොමැතිව කියල .
මේ රටට "ජනාධිපතිවරයෙක් " අවශ්‍යවී තිබේ !
අහෝ ප්‍රේමදාස, ජේ ආර්, සිරිමා වැනි කොන්දක් තිබූ නායකයෙක් හෝ රන්ජන් විජේරත්න වැනි පරිපාලකයකුගේ අඩුව ! මේකත් හරියට අපි ඉස්කෝලේ යන කාලේ සමහර දවසට පන්තිය "අනිත් පැත්ත " පෙරලුවම ගුරුවරයා පන්තියට එන්නේ නැතුව යනවා. මෙතුමාත් ඒ වගේ. අහෝ පාලකයෙකු නැති රටක ජනතාවට ගිය කල. දන්නා අය දන්නවා මේ අර්බුදයට වගකියන්න ඕන - කෙලින්ම වගකිවයුතු කවුද කියලා.
2020 සිට ඊලග අවුරුදු 5 ජනපති සිරිසේන, අගමැති රනිල්. 19 සංසෝදන අනුව අගමැති බලය ජනපතිට වඩා වැඩිය. විපක්ෂ නායක මහින්ද. නමුත් මෙවරට වඩා වෙනස් රජයක්. පළමුව ජනපති වර්ණය. සිරිසේන එජාප නිදහස් පොදු පෙරමුණෙන්. ගෝඨාභය පොහොට්ටුවෙන් . සිරිසේනට 50.87% ගෝඨාභය 47.52% ඉතිරිය ජේවීපී, රොහාන් පල්ලෙවත්ත, නාගානන්ද කොඩිතුවක්කු.
කණගාටුයි ඔබතුමාගේ නායකත්වයේ ලක්ෂණ ගැන.... නායකයෙකුට දර්ශනයක් තිබිය යුතුයි තමන්ගේ කණ්ඩායම මෙහෙයවන්න... ප්‍රශ්න වලට විසඳුම් වගේම ඉවසීමේ සීමාවකුත් තිබිය යුතුයි...
විශිෂ්ඨ තීන්දුවක් ජනාධිපතිතුමනි.!
තාවකාලික දික්කසාදයක්.
ප්‍රශ්න වලින් පැනලා යන අයවලුන් නායකත්වයට කොහෙත්ම සුදුසු නොවේ. ඉස් ඉස්සෙල්ලාම නායකත්වය යන කරුණ හා එහි ලක්ෂණ අවබෝධ කරගත් කෙනෙක්ව ඉදිරියට පත් කරගැනීම අනාගත පරපුරට කරන මහඟු සේවාවකි. " අනුන්ගේ දේගැන විවේචනය කර කර ඉන්නවට වඩා. තමන් දන්න දේ හරියට කරපන් ............ " අහෝ ප්‍රඩී සිල්වා මහතාණනි !!! ඔබව අමතක නොවේවා.
ජනධිපතිවරයා නොකියා කියන්නේ රජයෙන් ජනතාවට සිදු වන අසාධාරනකම් රජයේ නිලධාරීන් විසින් වසන් කල යුතුයි කියලා නේද ? රජයේ නිලධාරීන් ජනතාව වෙනුවෙන් පෙනී නොසිට ආණ්ඩුවේ කුණු හේදිය යුතුයි කියලා නේද ?
මේ මනුස්සයා නම් මෙලෝ රහකට නැහැ. රටේ කරුමෙට තෝරගත්තු කෙනෙක්...
ඉතිං මැදිහත් වෙලා විසඳලා දුන්නානම් හරිනේ, මෙතුමට දැන් මෙතුමා ජනපති කියලා අමතක වෙලා, තාම විධායක ජනපති වෙලත් කියන කතා.
තරහ වෙවී යාළු වෙවී දුව පැන වතු මිදුලේ අපිත් ඕවා කලා පුංචි සන්දියේ.
අඩුම තරමේ ගමේ රැස්වීමකදී ප්‍රශ්නයක්, කලකෝලාහලයක් ඇති වුණාම අපේ ග්‍රාමසේවක මහත්මයවත් මේ විදිහට ප්‍රශ්නවලින් පැනල යන්නේ නැහැ..
නායකයෙකු ලෙස ඔබතුමා ප්‍රශ්නයෙන් පිට පැනීම නොකළයුතු දෙයක්... අනික අධිකරණයට යාම වරදක් නොවෙයි. අසාධාරණයට විරුද්ධව අධිකරණයට යාම ගැන රටේ නායකයා විවේචනය කිරීම හොඳ දෙයක් නම් නොවෙයි. නොරොච්චෝලේ කැඩුණා කියාත් ආරංචි පැතිරුණා. ඒ ගැනත් මොනවා හරි කියන්නකෝ. නොදන්නවා වගේ ඉන්නේ...
මේ ඔක්කොම දේවල් කරන්නේ රාජපක්ෂලාව සනසන්නයි . ඊට පසුව හිතනවා ඇති අයිමත් ජනපති අපේක්ෂක වෙන්න සාටකයන් කැමැත්ත දේවි කියා .. එක පාරක් සාටකව සනසන්න ගිහින් දෙදෙනාම හොට ඇනගත්තා ..
ඔබ රැස්වීමට එන්නේ නෑ කියලා විදුලිය ඉතුරු වෙන්නේ නෑ... ඒ නිසා මේ ප්‍රශ්න විසඳන්න.. කොන්දක් තියෙනවා නේද?