IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


ලංකාවේ ත්‍රිරෝද රථ මිලියන 1.2ක් විදුලි බලයෙන් ධාවනය කරවීමේ සැලසුමක්

මෙරට තුළ ධාවනය වන ත්‍රිරෝද රථ මිලියන 1.2කට අධික සංඛ්‍යාවක් සඳහා පරිසර හිතකාමී හා සහනදායී විසඳුමක් හඳුන්වා දීමට Lanka e-Mobility Solutions පෞද්ගලික සමාගම (LeMS) පියවර ගෙන තිබේ. e-Wheel ලෙස නම් කර ඇති, බැටරි මාරු කිරීමේ තාක්ෂණයක් වන මෙය භාවිත කිරීමට මෙරට ත්‍රිරෝද රථ හිමියන්ට ළඟදීම අවස්ථාව ලැබෙනු ඇතැයි එම සමාගම කියයි.

මේ අනුව, මින් ඉදිරියට ත්‍රිරෝද රථ හිමියන්ට අධික මුදලක් වැය කරමින් බැටරි මිලදී ගැනීමට හෝ ඒවායෙහි ආයු කාලය අවසන් වීමේ ගැටලුවට මුහුණ දීමට සිදු නොවේ. බැටරි මාරු කිරීමේ තාක්ෂණය යටතේ අලුත් බැටරියක් යෙදීම සඳහා ගතවනුයේ විනාඩි 2ක් වැනි සුළු කාලයක් පමණි. සාමාන්‍යයෙන් විදුලි බලයෙන් ධාවනය වන වාහනයක වියදම් අධිකම කොටස වන්නේ බැටරියයි. මෙම නව ක්‍රමවේදය යටතේ බැටරිවල මෙන්ම බැටරි මාරු කිරීමේ මධ්‍යස්ථානවල හිමිකාරීත්වය LeMS සමාගම සතු වන නිසා, සාමාන්‍ය ත්‍රිරෝද රථ විදුලි රථ බවට පරිවර්තනය කිරීමේදී ත්‍රිරෝද රථ හිමියන් බැටරි සඳහා මුදල් ගෙවිය යුතු නොවේ. ඔවුන් මුදල් ගෙවිය යුතු වන්නේ ත්‍රිරෝද රථය ධාවනය කරවීම සඳහා අවශ්‍ය වන බලශක්තිය සඳහා පමණි.

මෙය ශ්‍රී ලංකාව තුළ තිරසාර ප්‍රවාහන ක්ෂේත්‍රයක් ස්ථාපිත කිරීම සඳහා දරන උත්සාහයේ සුවිශේෂී සන්ධිස්ථානයකි. කාබන් විමෝචනය අවම කරමින් වායු දූෂණය පිටුදැකීමේ බරපතළ අවශ්‍යතාව හඳුනාගෙන මෙම නව විසඳුම හඳුන්වා දීමට LeMS නිර්මාතෘවරුන් පියවර ගෙන තිබේ.

“ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ මිලියන 1.2ක් පමණ තිබෙනවා. ඒවා දිනකට පෙට්‍රල් ලීටර මිලියන 5.5ක් තරම් විශාල ප්‍රමාණයක් දහනය කරනවා. මෙම තත්ත්වය පාලනය කිරීමට e-Wheel සංකල්පය අතිශයින් වැදගත් වේවි. තම පවුල්වල ප්‍රධාන ආදායම් උපයන්නන් වන මෙම ත්‍රිරෝද රථ හිමියන්ට, රුපියල් 450,000ක් වැනි මුදලක් ආයෝජනය කිරීම මගින් මසකට රුපියල් 20,000කට ආසන්න මුදලක් ඉතිරි කරගැනීමට පුළුවන්. මින් ඔවුන්ටත්, රටටත් වාසි රැසක් ලැබෙනවා. විශේෂයෙන්ම ඉන්ධන, ලිහිසි තෙල් සහ අමතර කොටස් ආනයනය සඳහා වැය වන විශාල මුදලක් මෙමගින් ඉතිරි කරගැනීමට පුළුවන්.” LeMS කළමනාකාර අධ්‍යක්ෂ චමින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

“මේ පෙරළිකාරී හා පුරෝගාමී e-Wheel විප්ලවයේ එකම මූල්‍ය හා ලීසිං සහකරු බවට පත්වීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙය හුදෙක් තාක්ෂණයේ ඉදිරි පියවරක් පමණක් නොව, අපගේ පාරිසරික, සමාජයීය හා ආයතනික පාලන මූලධර්මවලට සමගාමී වන පියවරක් ද වනවා. එමෙන්ම, එය අපගේ තිරසාරත්ව සැලසුම්වල අතිශය වැදගත් සන්ධිස්ථානයක් ලෙසත් හැඳින්විය හැකියි.” පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ෂමින්ද්‍ර මර්සිලීන් මහතා පැවැසීය.

595



අදහස් (0)

ලංකාවේ ත්‍රිරෝද රථ මිලියන 1.2ක් විදුලි බලයෙන් ධාවනය කරවීමේ සැලසුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1134 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1142 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 431 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site