
(සුමිත් පොතුපිටිය)
රාජ්‍ය නිර්මාණ සංවර්ධන නීතිගත සංස්ථාවේ සේවකයන් බව කියන තිදෙනකු රජයට අයත් යකඩ තොගයක් විකුණමින් සිටියදී අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම සංස්ථාවට අයත් භූම් ට්‍රක් රථයක රියදුරකු සහ සේවකයන් තිදෙනකු බව පොලිසිය කීය.
පසුගිය කාලසීමාවේ වැලිපැන්න ප්‍රදේශයේ පාලමක් ඉදිකිරීමට ගොස් එය අසාර්ථක ව්‍යාපෘතියක්ව එහි රැගෙන ආ ටොන් ගණනාවක යකඩ නැවත කොළඹ මුලස්ථානයට රැගෙන යමින් සිටියදී මෙසේ විකිණිමට උත්සහ දරා ඇත.
රජයට අයත් භූම් ට්‍රක් රථයකින් ගොරකපොල ප්‍රදේශයේ පරන යකඩ මිළදී ගන්නා මධ්‍යස්ථානයකට යකඩ තොගයක් බාමින් සිටින බවට ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතා ට ලද තොරතුරක් මත වටලා රියදුරු, සේවකයන් දෙදෙනකු සහ යකඩ මිළදී ගත් පුද්ගලයා අත්අඩංගුවට ගෙන භූම් ට්‍රක් රථය සහ යකඩ පොලිස් භාරයට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන සංස්ථාව දෑන් තියෙනවද?