
(ප්‍රසාද් රුක්මල් )
ඇල්ල රොක් කන්ද වන රක්ෂිතයේ ඊයේ පස්වරුවේ හටගත් හදිසි ගින්නෙන් අක්කර 50 ක පමණ කොටසක් විනාශ වී ගොස් පවතින දැඩි සුලං සමග ගින්න තවදුරටත් පැතිර යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .
පවතින දැඩි වියලි දේශගුණික තත්ත්වයත් සමඟ කිසිවකු ඇල්ල රොක් කන්දට ගිනිතබන්නට ඇති බවත් පොලිසිය සැකකරයි.
සුලං සමග ගින්න වනරක්ෂිතයේ සීග්‍රයෙන් පැතිර යමින් පවතින අතර , ගින්න නිවා දැමීමට දියතලාව යුදහමුදා කදවුරේ නිලධාරීන් , ගුවන් හමුදා නිලධාරීන් වනජීවි නිලධාරීන් ,වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් , ආපදා නිලධාරීන් ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පොලිසිය එක්වී දැඩි වෙහෙසක් ගන්නා බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය.
කදු බෑවුම් සහිත රක්ෂිතයේ මෙසේ ගින්න පැතිර යමින් පවතින අතර එම ස්ථානය ට ලගා වීමට අපහසු බවත් එහි ප්‍රකාශයකු කීය .

2025 දෙසැම්බර් මස 18
472
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රොක් කන්ද රක්ෂිතයේ ගින්න තවත් පැතිරේ