(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයේ අද(17) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශත 25 කින් පහළ ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (17) ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයට අනූව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 364.73 ක් වූ අතර ගැණුම් මිල රුපියල් 354.76 ලෙස සටහන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තම තමන්ගේ විවිධ විදේශ මුදල් බැංකු හරහා මාරැ කරගන්න එක හොදයි වගේ .කට්ටය මොකක්හරි ගේමක් ගහනවා වගේ පේන විදියට
රොකට් වේගයෙන් වැඩිවෙලා අල්ප මාත්‍රයක් අඩුවුණාම ගණන් ඉස්සීමක් නොවෙයි.
අපේ රටට ඩොලර් ණය වශයෙන් අපු නිසා නේද? නැතිව අපේ අපනයන කටයුතු හරියට කරන්න අපිට බැහැ. අපනයන කර්මාන්ත ඉන්ධන හිඟකමින් පෙළෙනවා. තාවකාලිකව රුපියල ශක්තිමත් වීමක් නේද මේ...?
රුපියල ශක්තිමත් වෙනවා 380කට තිබුණු ඩොලරය 365ක් වුණා නම් ඇයි බඩු මිල ශත 50කට අඩු නැත්තේ?
රුපියල ශක්තිමත් වීම හොඳයි. රුපියල අවප්‍රමාණය කිරිම කපටි වෙළඳුන්ගේ වැඩක්. ඒක එහෙම වෙන්න දෙන්න බැහැ. ඩොලරයේ මිල තීරණය කිරීම මහ බැංකුව විසින් කරන්න ඕන දෙයක්. ඒක පුද්ගලිකව තීරණය කරන්න ඉඩදීම වැරැදියි. මෙතෙක් සිදූවුනේ ඒ ක්‍රමයටයි. දැන් ඇති...
තවදුරටත් දැඩි, ස්ථාවර වුවහොත් තවත් ඉදිරියට යන්න පුළුවන්...