
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
මෙමගින් විශාල මුදල් නාස්තියක් සිදුව ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය වී ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතිකා ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසුවේ ඒ වෙලාවේ මිල සහතිකයේ සඳහන් කර තිබෙන්නේ නිෂ්පාදකයා දුන් මිල ගණන් බවයි.
එය නිවැරදිද අනෙක් රටවල ඒ මිල ගණන් නිවැරදිද යන සංසන්දනයක් 2019 වසරේදි සිදුවී නැතැයිද ඔහු ප්‍රකාශ කළේය.
මේ තොරතුරු අනාවරණය වූයේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කාර්ය සාධනය පිළිබඳව කරුණු විමසීම සඳහා එම අධිකාරියේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට පසුගියදා කැඳවූ අවස්ථාවේදීය.
එමෙන්ම ව්‍යාජ ඖෂධ හිඟයක් මවා පා හදිසි ඖෂධ මිලදී ගැනීමට මුවා වී කළ වංචාවලට අදාල ලැබුණු පැමිණිලි විමර්ශනය කර නැති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් එම කමිටුව හමුවේ ප්‍රකාශ කරඇත.
මෙහිදී ඖෂධ නියාමන අධිකාරියේ වැරැද්දක් සිදුවී ඇති බව කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පැවසීය.
COMMENTS
කෝ බං මේ යෝගාබයියා?
කෝ බං මේ වසර 76කට රෙදි නැතිව කඩේ යන හැත්ත? උන් ටික අද වන්දනාවෙවත් ගිහිල්ලද?
ආ කෝ මේ ගුණරතන, මැක්ස්ල හැංගිලාද, අනුන්ගෙ පව් කරට වැටුනම ඒකටත් කතාහදන රචනා ලියන කටවල් වැහිලද? පාතාලය මතුඋනේ මාස තුනෙන් වගේ කතා ලියන අප්පුල මේවටත් මොනවහරි කියන්නකෝ අහගන්නත් ආසයි.
කණගාටුවට කාරනය දිගින් දිගටම මෙවැනි වංචා පිලිබඳ කාරණා එලියට ආවත් චුදිතයන්ට අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කර පරීක්ෂණ ආරම්භ කිරීමට පසුගිය ආණ්ඩු කටයුතු නොකිරීමය , අලුත් ආණ්ඩුවත් යන්නේ එම මාර්ගයේම බව පෙනෙන අතර , ඉස්සර මෙම පරිපාලන කටයුතු කල නිලධාරීන්ගෙන් 90% පමණ දිගින් දිගටම අධාල තනතුරු වල සේවයේ යෙදෙන අතර අල්ලස , දුෂණය වංචාව දිගින් දිගිටම ක්‍රියාත්මක වන බව නිරීක්ෂණය වේ , හොඳම උදාහරණය පරණ ආණ්ඩුවලට උපදෙස් දුන් , ආණ්ඩු සමග එකට වැඩකළ දුමින්ද හුලංගමුව , හාන්ස ජයසුරිය වැනි පුද්ගලයන් සහ කණ්ඩායම් අලුත් ආණ්ඩුවට උපදෙස් දෙන්නද කටයුතු කිරීමය , අඩු පාඩුවකට ඇත්තේ කබ්රාල් පමණි ,
රුපියල් 372 ට තියෙන්නේ ඉන්දියාවේ ගෙවල්වල හදන බෙහෙත් වෙන්න ඇති. ඒවා බීලා අකාලේ මැරෙන්න වෙයිද දන්නේ නෑ. හදවත් රෝග වගේ අති සංවේදි, ගුණාත්මක බවෙන් ඉහල ඖෂධ ඕන ප්‍රතිකාර වලට බාල බෙහෙත් ගෙනත් දෙන්න එපා ලාභෙට තියෙනවා කියලා.
සැපයුම්කරුවාගෙන් තමයි ප්‍රශ්න කරන්න ඕන ඇයි එහෙම වැඩි මිලට දුන්නේ කියලා. මොකද ඔහු ඉදිරිපත් කලේ ඒ මිලට නම් වෙන ටෙන්ඩර්කරුවො අඩු මිලට දෙන්නෙ නැත්නම් බෙහෙතත් ඕන නම් මොකද කරන්නේ?
ලංකාව මෙහෙම හරි තියෙන එක ගැන ජාත්‍යන්තරයට වුනත් පුදුම වෙයි. හොරා කන එක රුපියල් කෝටි ගානක් නෙමෙයි ප්‍රකෝටි ගානක්, ඩොලර් මිලියන, බිලියන ගානක් හොරා කලා. හොරා කෑවේ නැත්තං ලංකාව සිංගප්පූරුවක් වෙලා දැනට අවුරුදු 30-40කට කලින්ම. මේක කාගේ කරුමයක්?