
(එම්. කේ. නන්දසේන)
හම්බන්තොට සිට මහියංගනය දක්වා මාළු ප්‍රවාහනය කරන කුඩා ලොරි රථයක් අලුයම කතරගම සෙල්ලකතරගම ප්‍රධාන මාර්ගයේ මයිලගම ප්‍රදේශයේ දී අද(17) වැනි දා අනතුරට පත්ව ඇතැයි පොලිසිය පවසයි.
රියදුරුට නින්ද යැමෙන් මාර්ගය අසල තිබු මාරගසක ගැටීමෙන් එහි ගමන් ගත් ලොරි රථයේ සහායක තුවාල ලබා කතරගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මූලික රෝහලට යොමු කර ඇත.
මාර ගසේ ලොරි රථය ගැටීම නිසා මාළු රැගෙන එන ලද අයිස් පෙට්ටි කීපයක් බිම විසිරී තිබෙන අයුරු දක්නට ලැබිණ.
කතරගම පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රොහාන් නිශාන්ත මහතා ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd