
(යොහාන් භාසුර)
‘සිරස’ රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා ප්‍රමුඛ කැපිටල් මහරාජා සමූහයේ සභාපති රාජා මහේන්ද්‍රන් මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද (25) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
රාජා මහේන්ද්‍රන් මහතා ‘කොවිඩ් 19’ ආසාදනය වීමෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ.
ශ්‍රී ලංකා විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයට විශාල මෙහෙවරක් කළ රාජා මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකි.
COMMENTS
නාලිකාව පසුගිය කාලවකවානුවේ කළ දේවල් ගැන ඇත්තේ දැඩි කලකිරීමකි... මා රනිල් ගැන කළකිරුණු කෙනෙකු වුවත් ඔහුට එළව එළවා පහර දුන් අයුරු ඉතා පිළිකුල්ය. කෙසේවෙතත් ඔබ නාලිකාව රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දැන්කරන වැඩ කොටස මම අගය කරමි. ඔබට සුබ ගමන්...!!!
ඔබතුමාගේ මතුභවය සුඛිත, මුදිත වේවා...!!!
මොනතරම් වස්තුව තිබ්බත් යනකොට හැමෝටම හිස් අතින් තමයි යන්න වෙන්නේ. ඉන්නකම් කළ හොඳ විතරයි පවතින්නේ. මේ මහත අතිකාල ව්‍යාපාර නිසා අද දහස් ගණනක් ජීවිකාව කරගන්නවා. මෙතුමාට නිවන් සුව ලැබේවා...!!!
රනිල්ට, මහින්දට, ගෝඨාභයට දැන් ටිකක් නින්ද යයි රෑට...
විශාල පිරිසකට රැකියා ලබාදී ඇති සාර්ථක ව්‍යවසායකයෙකි. දැන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කරන වැඩ කොටස අගය කරමි. එය තවදුරටත් කරනු ඇතැයි අපගේ අපේක්ෂාව සහ ප්‍රාර්ථනයයි.
ඔබට නිවන් සුව... සර්' තවතවත් ඔබ වැනි මිනිසුන් මේ දෙරනේ පහළ වේවා..!
කාටත් මේ ටික තමයි. නමුත් ඊට කලින් තමන්ගේ වගකීම් කොටස ඉටු කරන්න. ඒක තමයි වැදගත්.. එහෙම නැතිට රටට, ජාතියට ගරහන්නෙක් වුණොත් ඒක තමන් යනකොට ගෙනියන්නේ නෑ.
එකම දිශාවකට ඔහේ ගලාගෙන ගිය ශ්‍රී ලංකාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ධාරාවේ දිශානතිය වෙනස් කළ නිර්භීත මාධ්‍ය යෝධයෙක්... කවුදෝ කියලා තිබුණා ඇත්තම කතාවක් " රට ලස්සන කරන්න කළුගලක ඔලුව ගහගත්ත පුද්ගලයෙක්.." කියලා. මම ඒ කතාවම මෙහෙම කියන්නම් .." ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් උදෙසා රාජ්‍ය මර්දනයනම් ගිලටීනයට එක වරක් නොව දහස් වරක් ගෙලදුන් මාධ්‍ය වීරයෙක්..." . එදාටත් වඩා අද... රටේ සිදුවන දේ දැනගැනීමට නීතියෙන්ම රටේ ජනතාවට ඇති ශුද්ධ වූ අයිතියට " තහංචි දමා, මර්දනය කොට ඇති, මේ අප අත්විඳින " අවාසනාවන්තම යුගයේ, මෙතුමාගේ මාධ්‍යයන්, රටේ මිනිසුන් වෙනුවෙන් කරන උතුම්වූ මාධ්‍ය මෙහෙවරම ඇති... මතු ආත්මයක බුදුන් දැක නිවන් දකින්නට... මෙය මගේ පැතුමක් පමණක් නොව, රටපුරා විසිරි සිටින, ඇත්ත දැනගැනීමේ පිපාසාවෙන් පෙලෙන, ප්‍රජාතන්ත්‍රවාදී සුන්දර ශ්‍රී ලංකාවක් වෙනුවෙන් සිහින මවන, ඒ සඳහා කැපවෙන ලක්ෂ සංඛ්‍යාත සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර්.. ශ්‍රී ලාංකිකයින්ගේ අවංක ප්‍රාර්ථනයයි. ඔබතුමාට නිවන් සැප ලැබේවා...!!!
ලංකාවේ මාධ්‍ය කලාව අලුත්ම මානයකට ගෙනගිය උතුම් පුද්ගලයෙකි.. මෙවන් පුද්ගලයන් යළි යළිත් අපේ රටේම පහළ වේවා...
රාජ් මහෙන්ද්‍ර්න් මහත්තයා හොඳ මහත්තයා. මමත් වැඩකලා.