(සුමිත් පොතුපිටිය )

රාජකාරි බහුල බැවින් මානසික පීඩනයකට පත්ව ඇති බවට ලිපියක් ලියා තබා පයාගල පොලිස් ස්ථානයේ කොස්තාපල් වරයෙකු පිටවගොස් ඇති බව පයාගල පොලිසියෙන් වාර්තාවේ.

රාජකාරි බහුල බැවින් මානසික පීඩනයකට පත්ව ඇති බව 2026 මැයි මස 5 දින දෛනික සටහන් පොතෙහි සටහන් කර නිළ ඇදුම් සහ එහි කොටස් පොලිසිය තුල තබා පිටව ගොස් ඇති බවද පොලිසිය සදහන් කරයි .

පිටිගල, ඉදිපලේගොඩ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කොස්තාපල් වරයා 2025 ජුනි මස 08 දින පොලිස් දෙපාර්තමේන්තුවට එක්ව ඇති බවත් , ඔහු 2026 ජනවාරි 21 දින පයාගල පොලිසියේ සේවයට වාර්තා කර ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසයි .