IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


රෝහල් පහසුකම් වැඩි කරන ව්‍යාපෘතියේ කාලය දිගු කරයි

 

(අංජුල මහික වීරරත්න)

තෝරාගත් රෝහල්වල සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ ව්‍යාපෘති කාලසීමාව දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

චීන රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක කෙරෙන සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ වෛද්‍ය උපකරණ සහ අනෙකුත් උපකරණ සපයමින් තෝරාගත් රෝහල් වල සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම සිදු කෙරේ. 

ඒ යටතේ රෝහල් 13ක විවිධ විශේෂිත ඒකකයන්ගෙන් සමන්විත රෝහල් ගොඩනැගිලි සංකීර්ණ ඉදිකිරීමටත්, ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ අනෙකුත් උපකරණ සැපයීමටත් මේ වන විට කටයුතු කරමින් පවතින බව රජය කියයි .‍

මෙම ව්‍යාපෘතිය යටතේ රෝහල් 8 ක ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇති අතර, එක් රෝහලක හැර අනෙකුත් රෝහල් 4 හි ප්‍රගතිය 90%ක් පමණ ඉක්මවා තිබීම සැලකිල්ලට ගනිමින් ව්‍යාපෘතියේ කටයුතු කඩිනමින් නිම කිරීමට හැකි වන පරිදි ව්‍යාපෘති කාලසීමාව 2025-12-31 දින දක්වා දීර්ඝ කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

රෝහල් පහසුකම් වැඩි කරන ව්‍යාපෘතියේ කාලය දිගු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 33 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site