IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


රෝහල් පහකට නවීන විකිරණ යන්ත්‍ර

(අංජුල මහික වීරරත්න)

පිළිකාව පුද්ගල ඛේදවාචකයක් ලෙස නොව සමස්ත ජාතීයේ ම අභියෝගයක් සේ සලකා ජනතාව එයින් මුදා ගැනීමට ක්‍රියා කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේත්, වත්මන් රජයේත්  ප්‍රමුඛතම අරමුණක්   බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී අති නවීන තාක්ෂණයෙන් යුත් විකිරණ  චිකිත්සක උපකරණ (Liner Accelarator Machines) තෝරා ගත් රජයේ රෝහල්වල ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියේ  දෙවන අදියර සදහා ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුව අදහස් දක්වමින් ය. 

වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා වර්තමානය වන විට බෝ නොවන රෝග අතුරින් පිළිකා රෝගී තත්ත්වය ජනතාව අතර පැතිරයාමේ වර්ධනයක් පෙන්නුම් කරන බවත්, එය මර්දනය කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම, ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ශක්තිමත්ම ඉදිරියට ක්‍රියාත්මක කිරීම ඇතුළුව විවිධ ප්‍රායෝගික  වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවා තිබෙන බව ද පැවසීය.

පළාත් කිහිපයක් ආවරණය වන පරිදි රෝහල් පහක් දෙවන අදියර යටතේ තෝරා ගෙන අති නවීන තාක්ෂණයෙන් යුත් විකිරණ චිකිත්සක උපකරණ ස්ථාපිත කිරීමට පියවර ගැනීම තුළින් පිළිකා රෝගීන්ට දුර බැහැර ගෙවා රෝහල් කරා පැමිණිම වෙනුවට තමා පදිංචි ප්‍රදේශය ආසන්නයේ ම රෝහලෙන් එම ප්‍රතිකාර ලබා ගැනීමට පහසුව ලැබීම තුළ රෝගීන්ට පමණක් නොව එම රෝගී පවුල්වල සාමාජිකයන්ට පවා මහත් සහනයක් සැලසෙන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

නවීන විකිරණ යන්ත්‍ර උතුරු මැද පළාත ආවණය වන පරිදි අනුරාධපුර ශික්ෂණ රෝහලේත්, වයඹ පළාත ආවරණය වන පරිදි කුරුණෑගල ශික්ෂණ රෝහලෙත්, ඌව පළාත ආවරණය වන පරිදි බදුල්ල ශික්ෂණ රෝහලේත්, දකුණ පළාත සහ නැගෙනහිර පළාත ආවරණය වන පරිදි හම්බන්තොට ශික්ෂණ රෝහලේත්, සබරගමුව පළාත ආවරණය වන පරිදි රත්නපුර ශික්ෂණ රෝහලේත් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.



අදහස් (0)

රෝහල් පහකට නවීන විකිරණ යන්ත්‍ර

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දීය සිංදු පාකිස්තානයේ තහනම්
2025 මැයි මස 02 190 1

දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වී


අපරාධයකින් ඉපැයූ දේ ගැන පනතට කථානායක සහතිකය
2025 මැයි මස 02 144 0

අපරාධයකින් ඉපැයූ දේ ගැන පනතට කථානායක සහතිකය අපරාධයකින් ඉපැයූ දේ ගැන පනතට කථානායක සහතිකය අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා කථානායක ව


ලොව වයස්ගතම පුද්ගලයා සමුගනී
2025 මැයි මස 02 466 0

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා අතරේ සිටි බ්‍රසීල ජාතික කන්‍යා සොහොයුරියක වන කැනබාරෝ ලූකස් අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි


ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ධුරයේ වෙනසක්
2025 මැයි මස 02 262 0

ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ මයික් වොල්ට්ස් එම ධුරයෙන් ඉවත් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


යතුරුපැදි අනතුරින් සිසුවා මරුට
2025 මැයි මස 02 437 2

කුඩාවැල්ල - මාවැල්ල මාර්ගයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් 18 හැවිරිදි පාසැල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පැවසීය .


නාන්න ගිය දෙන්නෙක් දැදුරුඔයේ ගිලී අතුරුදන්
2025 මැයි මස 02 344 0

විනෝද චාරිකාවකට එක්වී දැදුරු ඔයේ දිය නාමින් සිටි පිරිසකගෙන් පස් දෙනෙකු දිය රැළකට හසුව ගසා ගෙන යද්දි තරුණියන් තිදෙනෙකු බේරා ගෙන ඇතත් එම දිය රැළට හසුවු


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 420 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 108 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1134 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site