
(නවරත්න සමරතුංග )
හිඟුරාණ දමන ප්‍රධාන මාර්ගයේ පැරණිගම වංගුවෙදි ලොරි රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ලා ගැටීමෙන් යතුරු පැදියේ ගමන් කළ දෙදෙනා මිය ගොස් ඇතිබව දමන පොලීසිය කියයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ පැදිකරු නවාස් මොහොමඩ් නිසාර්(22) කොට්ඨාස 04 අක්කරපත්තුව,ලිපිනයේ පදිංචි කරුවෙක් සහ මුසාමිල්සියාත් අහමඩ් (20) යන අක්කරපත්තුව පදිංචි දෙදෙනෙකි.
මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ දෙදෙනාම ප්‍රදේශවාසීන් විසින් දමන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.එහිදී ඔවුන් වෙෙද්‍ය පරීක්ෂාවට ලක් කරනඉවිට ත් මියගොස් සිටිබව සදහන් වේ.
දමන සිට හිඟුරාණ නගරය දෙසට ලොරි රථය ධාවනය වන විට යතැරුපැදිය හිඟුරාණ දෙසින් දමන දෙසට ගමන් කරමින් සිටියදී මුහුණට මුහුණ ලා ගැටී ඇතිබව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යතුරු පැදිවල යන අය යන්නේ හරි වේගෙන්. ඉගිල්ලෙනවා... අනතුරු වැඩියි.
බයික්-ත්‍රී වීලර් දැන් ලංකාවේ හරියට වැඩියි.
පොඩි වාහන වැඩි හින්දා... ලොකු ලොරි, ටිපර් වලට යන්නත් බැහැ. යටවෙනවා.
බයිසිකල්, ත්‍රී රෝද රථ සදහා වෙනම නීති පද්ධතියක් හා වෙනම මංතීරු සකසන්න
වෙනත් රටවල යොදාගෙන ඇති ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතුයි.
ලොරි, කන්ටේනර් රථවලට විකල්ප මාර්ගයක් හෝ වේලාවක් ලබාදෙන්න.
අපරාදේ, මනුස්ස ජීවිත දෙකක්. නිවන්සුව ලැබේවා...
ප්‍රවේසමෙන් රිය පදවන්න.
නිවන්සුව ලැබේවා... මෙවන් අකල් මරණ සිදු නොවේවා...
සියලු වාහන සදහා නිසි ක්‍රමවේදයක් සකසන්න. එය ආණ්ඩුවේ වගකීමක්...