
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජනාධිපති ලේකම්වරයාට අයත් සුඛෝ භෝගී මෝටර්රථය තලංගම අකුරේගොඩ ත්‍රිවිඩ හමුදා මූලස්ථානය ඉදිරිපිට දී එකම පවුලේ සිව් දෙනකු ගමන් ගත් යතුරු පැදියක ගැටී පැදිකරු , ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා රෝහල් ගත කර ඇතැයි තලංගම පොලිසිය කරයි.
තලංගම දකුණ බටපොත පදිංචි එකම පවුලේ මව පියා හා වයස අවුරුදු 2 සහ 6 පසුවන දරු දෙදෙනා ද රෝහල් ගත කර ඇත.
ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල් රියදුරා ජනාධිපති ලේකම්වරයාට අයත් මෝටර් රථය පැලවත්ත අකුරේගොඩ මාර්ගයේ පදවාගෙන යමින් සිටියදී ත්‍රිවිඩ හමුදා මූලස්ථානය ඉදිරිපිට දි යතුරු පැදියේ ගැටී අනතුරට ලක්ව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යෝගා මොකක්හරි කියන්න මචං, අනුරයා මිනිස්සු දාලා මිනී මරවනවා කියලා වත්...
දැන් මෝටර් සයිකලේ ගිය අහිංසක පවුලේ අය වැරැදිකාරයෝ කරලා බේරේවි. කලින් බීලා අනතුරු කරපු කෙනෙකුත් යසට බේරිලා ඉන්නේ...