
(මදුශානි අබේසිංහ ).
පොළොන්නරුව බකමූණ පොල්අතුවාඩිය ප්‍රදේශයේ මාර්ගයේ නතර කර තිබූ ටිපර් රථයක ඊයේ(20) රාත්‍රී ත්‍රිීරෝද රථයක් ගැටී සිදු වූ අනතුරකින් එහි ගමන් ගත් පුද්ගලයකු මියගොස් තවත් තිදෙනකු බරපතළ තුවාල ලබා බකමූණ හා දඹුල්ල රෝහල් වලට ඇතුළත් කර ඇති බව බකමූණ පොලිසිය කියයි.
ත්‍රීරෝද රථය අනතුරට පත්වන ත්‍රීරෝද රථයෙන් වැටුණු අවුරුදු හැට දෙකක අයෙකු මියගොස් ඇති අතර ඔහු,ගස්ලඹුආර පාර,කිරිඔය ලිපිනයේ පදිංචි,ගමඇටිගේ දොන් ප්‍රේමසිරි යන අය බවට හඳුනාගෙන ඇති බවද පරීක්‍ෂණ සිදුකරන බකමුණ පොලිසිය සඳහන් කරයි.
ත්‍රිරෝද රථයේ රියැදුරු සහ තවත් කාන්තාවක් තුවාල ලබා බකමූණ සහ දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය කියයි.
මෙම අනතුරට සම්බන්ධව ටිපර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරේ කළුවරේ නවත්වන වාහන වලින් වන අනතුරු කවද නැති වෙයිද, කිසිම වගකීමක් නැතිව යන මාර්ගවල එක පාරටම කලුපාටට කිසිම එලියක් නැතිව තියෙන වාහනයක හැප්පෙන එක හොඳටම වෙන්න පුලුවන්, ඇයි මේක තේරනොගන්නෙ?