IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රිය අනතුරින් අයෙක් මරුට:අයෙක් රෝහලට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

පෝරුවදණ්ඩ බොරලුගොඩ  ප්‍රදේශයේ අද (1) දහවල්  මාර්ගය අයිනේ කතාබස් කරමින් සිටි දෙදෙනෙක්  දෙසට සුඛෝභෝගී මෝටර් රථයක් කඩා වැදිමෙන් එක් අයකු මියගොස් තවත් අයෙක් බරපතල තුවාල ලැබූ බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ බුලත්සිංහල හල් වතුර ප්‍රදේශයේ පදිංචිව සිටි වසන්ත ලක්මාල් නමැති 29 හැවිරිදි  අවිවාහක තරුණයෙකි.

අනතුරින් බරපතල තුවාල ලබා ඇත්තේ පෝරුව දණ්ඩ අරුණගම ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි  පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයා එම ප්‍රදේශයේ එළවළු වෙළඳසැලක් ආරම්භ කිරීමේ කටයුතුවල නියැලෙමින් සිට ඇති අතර ඔහුට දහවල් ආහාර පාර්සලයක් රැගෙන ඔහුගේ  පෙම්වතිය  ඇයගේ  පියා සමඟ තීරෝද රථයකින් පැමිණ ඇතැයි පොලිසිය කියයි. තුවාල ලැබු අනෙක් පුද්ගලයා ඔහුගේ පෙම්වතියගේ පියා බව පොලීසිය කියයි.

 

 

 



අදහස් (0)

රිය අනතුරින් අයෙක් මරුට:අයෙක් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site