
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කොට්ටාව පිළියන්දල 342 බස් මාර්ගයේ මත්තේගොඩ සල්ගස් හන්දිය අසලදී මෝටර් රථයක් ඉස්සර කිරීමට ගිය යතුරු පැදියක් පෞද්ගලික ප්‍රවාහන බස් රථයක මුහුණට මුහුණ ගැටී පැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මත්තෙගොඩ පොලිසිය පවසයි.
පිළියන්දල සිට කොට්ටාව දක්වා ධාවනය වූ බස් රථයක කොට්ටාව දෙස සිට පිළියන්දල දෙසට ධාවනය වූ මෝටර් රථයක් ඉස්සර කිරීමට යාමේදී යතුරු පැදිය බස් රථය හා මුහුණට මුහුණ ගැටී පැදිකරු හෝමාගම මූලික රෝහලට රැගෙන යාමේදී මිය ගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ මත්තේගොඩ සල්ගස් මාවතේ පදිංචි 30 හැවිරිදි කාර්මික ශිල්පියෙකු බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd