
(අංජුල මහික වීරරත්න)
රුමේනියාවේ රැකියාවක් ලබා දෙන බව පවසා තරණයකුගෙන් රුපියල් නව ලක්ෂ හතලිස්පන්දහසක් වංචා කළ බවට සැකපිට විදේශ රැකියා ඒජන්සි සමාගමක කළමනාකරුවකු අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් නාරාහේන්පිට පිහිටි අදාල විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සිදුකළ වැටලීමකදී එම සැකකරු අත්අඩංගුවට පත්ව තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු විසින් රුමේනියාවේ කර්මාන්ත ශාලාවක සහායක රැකියාවක් ලබා දෙන බවට පොරොන්දුවී 2023 වසරේ සිට තමන් රවටමින් අවස්ථා කීපයකදී මුදල් ලබා ගත් බවට බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි තරුණයකු විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගැනුණි.
මෙම විදේශ රැකියා ඒජන්සි සමාගම, විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය යටතේ පාලනය වන අතර අත්අඩංගුවට පත් සැකකරු එම සමාගමේ පරිගණක අංශයේ සහකාර කළමනාකරු වශයෙන් සේවය කරමින් සිට විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.
2025 නොවැම්බර් මස 04
216
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුමේනියා හීන පෙන්වා මුදල් වංචා කළ ඒජන්සි කළමනාකරු දැලේ