IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


රබර් ඉඩම් ලියාපදිංචි කරයි

(අංජුල මහික වීරරත්න)

රබර් ඉඩම් සිතියම් ගත කිරීම- ලියාපදිංචි කිරීම ඩිජිටල් පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත රබර් සඳහා ප්‍රධාන වෙළෙඳ පොළක් වන යුරෝපා සංගමයට අයත් රටවල් වෙත රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීමේදී අනුගත විය යුතු නව රෙගුලාසි (EUDR) යුරෝපා සංගමය විසින් හඳුන්වා දී තිබේ. රබර් සැපයුම් දාමයන් වනාන්තර විනාශයට දායක නොවන බව සහතික කිරීම සඳහා වන එම නව රෙගුලාසි සඳහා ශ්‍රී ලංකාව ද 2025-12-31 දිනෙන් පසුව අනුගත විය යුතු වේ. 

ඒ අනුව රබර් සැපයුම් දාමයන් වනාන්තර විනාශයට දායක නොවන බව සහතික කිරීමට හැකි වන පරිදි රබර් ඉඩම් සිතියම්ගත කිරීමේ ඩිජිටල් පද්ධතියක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය හඳුනාගනු ලැබ ඇත.

මෙම ව්‍යාපෘතිය මඟින් රට පුරා පිහිටි කුඩා රබර් වතු හිමියන්ගේ රබර් ඉඩම් වෙන් වෙන්ව භූ ඛණ්ඩාංක ගතකිරීම සහ නව්‍ය භූගෝලීය තොරතුරු පද්ධති තාක්ෂණය (GIS) යොදා ගනිමින් ඉඩම් අයිතිය හා භාවිතය පිළිබඳ සවිස්තරාත්මක මෙන්ම සත්‍යාපනය කළ හැකි දත්තපද්ධතියක් නිර්මාණය කිරීම සිදු කරනු ඇත.

 ඒ අනුව, රබර් ඉඩම් සිතියම්ගත කිරීම ,ලියාපදිංචි කිරීම සඳහා ඩිජිටල් පද්ධතියක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

රබර් ඉඩම් ලියාපදිංචි කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 219 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site