(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා මහ බැංකුව සිය 75 වන සංවත්සර සැමරුම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 2000 නව සමරු නෝට්ටුව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් අද (29) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීය.
සංසරණය සඳහා යොදන සමරු මුදල් නෝට්ටුවක් ලෙස මෙය නිකුත් කර තිබෙන අතර, මෙම මුදල් නෝට්ටුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 5 වන සමරු මුදල් නෝට්ටුවයි.
ජාතික සංවර්ධනය සඳහා පදනම ලෙස ආර්ථික ස්ථාවරත්වය වර්ධනය කිරීම වෙනුවෙන් මහ බැංකුවේ නොනවතින කැපවීම පිළිබිඹු කරමින් “සමෘද්ධිය සඳහා ස්ථාවරත්වය” යන සංවත්සර තේමාව අනුව මෙම මුදල් නෝට්ටුව නිකුත් කර ඇත.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති කේ.එම්.ඒ.එන්.දවුලගල, සහකාර අධිපති කේ.ජී.පී.සිරිකුමාර, ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ අධිපති පී.ඩී.ආර්. දයානන්ද යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
රුපියල් 2000 සමරු නෝට්ටුවක් නිකුත් වෙයි
prasanna Friday, 29 August 2025 02:16 PM
හොර ගෙඩියා... සල්ලි අච්චු ගහනවා නේද?
දොං සේතං Friday, 29 August 2025 02:24 PM
මේක රුපියල් කීයක් වටිනවද බොල?
ගුණරත්න Saturday, 30 August 2025 08:46 AM
මම දැකපු කැතම මුදල් නෝට්ටුව මේක. අපේ රටේ අනන්‍යතාව මේකෙන් පෙනෙන්නේ නැහැ.
ගුණරත්න Saturday, 30 August 2025 08:47 AM
මම දැකපු කැතම මුදල් නෝට්ටුව මේක. අපේ රටේ අනන්‍යතාව මේකෙන් පෙනෙන්නේ නැහැ.
Nandalal DE SILVA - France Saturday, 30 August 2025 03:01 PM
මමත් කැමැතියි ඔය සමරු මුදල් නෝට්ටු 5ම සිහිවටනයක් හැටියට මගේ එකතුවට එකතු කරගන්න. ඒවා මට නීත්‍යානුකූලව, මෙරටට ගෙන්වාගන්න පුළුවන් ක්‍රමයක් කියලා දෙන්න පුළුවන් අය ඉන්නවා නම් මට කියන්න. ගොඩක් ස්තුතියි...