IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රුපියල් බිලියන 10.5ක් සුරා බදු පොලු තියලා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

හිඟ සුරා බදු රුපියල්  බිලියන 10.5ක මුදලක් සුරාබදු දෙපාර්තමේන්තුවට අයකර ගැනීමට තිබෙන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

සුරා බදු ආඥා පනත යටතේ රීති පිළිබඳ  විවාදය අරඹමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.

"හිඟ බදු අය කර ගැනීමේ බාධා ඉවත් කර ගැනීම සඳහා මේ සංශෝධන ඉදිරිපත් කරනවා.හිඟ බදු අය කර ගැනීම සඳහා දැනට පවතින ආඥා පනතේ විශේෂ විධිවිධාන සඳහන් වී නැහැ.සුරා බදු වෙනුවෙන් නව පනතක් ඉදිරිපත් කිරීමේ  කටයුතු මේ දිනවල කරමින් සිටිනවා.එමෙන්ම සුරා බදු එකතු කිරීමේ කාර්යය සඳහා කිසිදු පරිගණක ක්‍රමවේදයක් අනුගමනය කෙරුණේ නැහැ. නමුත් අප මේ වන විට සුරාබදු දෙපාර්තමේන්තුව වෙනුවෙන් ආදායම් පරිපාලන පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා කටයුතු සම්පාදනය කර තිබෙනවා යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (0)

රුපියල් බිලියන 10.5ක් සුරා බදු පොලු තියලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 808 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site