(යොහාන් භාසුර)
ඇඹිලිපිටිය කඳුරුගස්ආර එළිමහන් වැඩ කඳවුරේ සිර දඬුවම් විඳිමින් සිටි ලලිත් චමින්ද හෙට්ටිගේ නමැති රැඳවියා මරණ පත්වීමේ සිද්ධියට අදාලව එම වැඩ කඳවුරේ නිලධාරීන් තිදෙනකුගේ වැඩ තහනම් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනුරුත්ථාපන) චන්දන ඒකනායක මහතා අද (23) පස්වරුවේ පැවසීය.
ඇඹිලිපිටිය කඳුරුගස්ආර එළිමහන් වැඩ කඳවුර බාර ජේලර්වරයාගේ, නියාමකයකු සහ සැරයෙන්වරයකුගේ වැඩ මෙසේ තහනම් කර ඇති බව කී චන්දන ඒකනායක මහතා පරීක්‍ෂණ අවසන් වන තෙක් එම නිලධාරීන් තිදෙනාගේ වැඩ තහනම බලාත්මක බව ද සඳහන් කළේය.
අදාල නිලධාරීන් මරණයට පත්වූ රැඳවියාගේ දියණියට දුරකථනයෙන් කතා කර මුදල් ලබාගත්තේ යැයි කියන සිද්ධියට මෙසේ වැඩ තහනම් කළ බවත් රැඳවියාගේ මරණ සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණ පවත්වන බවත් ඒකනායක මහතා කීය.
අදාල රැඳවියා බන්ධනාගාර නිලධාරීන් විසින් පහරදී මරා දමන ලද බවට ඥාතීන් කරන චෝදනාව පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් බන්ධනාගාර බුද්ධි අංශ සහකාර අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
රැඳවියාගේ මරණයට තිදෙනකුගේ වැඩ තහනම්
පිටිගල මිලානෝ Sunday, 23 January 2022 04:17 PM
ඒ දවස්වල නිතර නිතර ජිනීවා ගිය සේකර මේවා ගැනත් වගබලාගත යුතුයි. ලංකාව මානව අයිතිවාසිකම් හිටු කියලා උල්ලංඝනය කරන රටක් ලෙසයි ජිනීවා වලින් බ්‍රෑන්ඩ් කරලා තියෙන්නේ. එයාට ඒකට අමාරු නැහැ වගේ...
de silva Sunday, 23 January 2022 07:58 PM
මේවා වෙනකොට ජිනීවාවල රතු ලේබල් වදින එක පුදුමයක්ද? ලංකාවේ අපට කොහේද මානව අයිතිවාසිකම්...?
don pereraMonday, 24 January 2022 01:41 AM
සමහර අය හිට්ලර් කෙනෙක් ඉල්ලනවා.
Prabha Sunday, 23 January 2022 10:58 PM
හිරකාරයන්ගේ ගෙවල්වලින් ගන්න සල්ලි ගැනත් හොයලා බලන්න.
don perera Monday, 24 January 2022 01:40 AM
මේවා 69 ලක්ෂයේ බලාපොරොත්තු.
Senarath Monday, 24 January 2022 09:30 AM
මේ වගේ සිදුවීම් ලංකාවේ බන්ධනාගාරවල සිදුවෙනවා කියන එක මීගමුවේ බන්ධනාගාරයේ සිදුවූ දෙයින් ඉතාම හොඳින් පැහැදිලි වෙනවා. ඒ නිසා සාධාරණ පරීක්ෂණයක් තියලා මොවුන්ට නිසි දඬුවම් දෙන්න ඕනේ...