
(බී.ජානක)
වැල්ලවත්ත හැව්ලොක් නිවාස සංකීරණයේ දී පොලිස් බාරයට ගත් ටී 56 ගිනි අවිය සම්බන්ධ නඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්,හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය අද නියෝග කළාය.
රන් පැහැති ටී 56 ගිනිඅවියක් සොයා ගැනීමේ නඩුවට අදාළව 4 වන සැකකරු වන දුමින්ද දිසානායක මහතාට එරෙහිව සෘජු හා පරිවේශනීය සාක්ෂි නොමැති බැවින් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
ගිනි අවිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින 1 සහ 2 සැකකාරියන් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා නැවත මෙම නඩුව නොවැම්බර් මස 06 වන දින කැඳවීමට ද නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපක්ෂය දඩයම් කරන්න ගිහින් පච වුණ තවත් මෝඩ ජවනිකාවක්. ඕක පැලවත්තේ තුවක්කුවක්ද කියලා හොයලා බලන්න බැරිද.
ඕක රතුපස්වල තරුණයින්ට වෙඩි තියපු තුවක්කුවද කියලා හොයලා බලන්න බැරිද.
මේ දේශපාලන පලිගැනීම් නෙමෙයි නම් වෙන මොනවද.පළිගැනීම කලාවක් නම් ජෙප්පො ඒකෙ පිකාසොල.
විපක්ෂයේ එවුන් හොයා හොයා නඩු දානවා, එත් ආණ්ඩුවේ හොර ඔප්පු හදපු ඇමතියා සාක්ෂි තියෙද්දිත් එළියේ!
මෙතන වෙලා තියෙන්නේ ගිනිඅවිය දුමින්දගේ කියලා ඔප්පු කරන්න තරම් පොලිසියට සාක්ෂි නැතිවීම. මේකට අයිතිකාරයෙක් නැති වෙන්න බැහැ නේ .
මේ සඳහා නාස්ති වූ බදු මුදල් ප්‍රමාණය සදහා වගවිමක් නැද්ද ? සැම දේයකටම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් කොපමණ මුදල් නාස්ති වෙනවද? මේ සදහා දියුණු ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතුයි !
අනිවාර්යයෙන්ම මේකේ අයිතිකාරයා හොයන්න ඕනෑ... නිකම් ලෙස්සලා යන්න නොදී, දුමින්දගේ කෝකියාගේ සාක්ෂි සහ ඒ කාන්තාවන් දෙදෙනාගේ සාක්ෂි අනුව දුරකථන දත්ත සහ තිබෙනවා නම් සී.සී.ටීවි දර්ශනය පරීක්ෂා කරලා බැලිය යුතුයි. මට හිතෙන්නේ පොලිසිය කාගේ හරි බලපෑමකට හො සල්ලි වලට යටවෙලා...