
(බී.ජානක)
වැල්ලවත්ත හැව්ලොක් නිවාස සංකීරණයේ දී පොලිස් බාරයට ගත් ටී 56 ගිනි අවිය සම්බන්ධ නඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්,හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය අද නියෝග කළාය.
රන් පැහැති ටී 56 ගිනිඅවියක් සොයා ගැනීමේ නඩුවට අදාළව 4 වන සැකකරු වන දුමින්ද දිසානායක මහතාට එරෙහිව සෘජු හා පරිවේශනීය සාක්ෂි නොමැති බැවින් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
ගිනි අවිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින 1 සහ 2 සැකකාරියන් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා නැවත මෙම නඩුව නොවැම්බර් මස 06 වන දින කැඳවීමට ද නියෝග කළාය.
2025 නොවැම්බර් මස 04
306
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2126
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1616
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රන් ආලේපිත ගිනි අවි නඩුවෙන් දුමින්ද මුදා හරියි
යෝගා Tuesday, 29 July 2025 12:17 PM
විපක්ෂය දඩයම් කරන්න ගිහින් පච වුණ තවත් මෝඩ ජවනිකාවක්. ඕක පැලවත්තේ තුවක්කුවක්ද කියලා හොයලා බලන්න බැරිද.
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Tuesday, 29 July 2025 12:46 PM
ඕක රතුපස්වල තරුණයින්ට වෙඩි තියපු තුවක්කුවද කියලා හොයලා බලන්න බැරිද.
ඇන්ඩ්රු-තැම්බුත්තේvillage Tuesday, 29 July 2025 01:00 PM
මේ දේශපාලන පලිගැනීම් නෙමෙයි නම් වෙන මොනවද.පළිගැනීම කලාවක් නම් ජෙප්පො ඒකෙ පිකාසොල.
ගුණරත්න Tuesday, 29 July 2025 01:07 PM
විපක්ෂයේ එවුන් හොයා හොයා නඩු දානවා, එත් ආණ්ඩුවේ හොර ඔප්පු හදපු ඇමතියා සාක්ෂි තියෙද්දිත් එළියේ!
ලුම්බිණි Tuesday, 29 July 2025 01:12 PM
මෙතන වෙලා තියෙන්නේ ගිනිඅවිය දුමින්දගේ කියලා ඔප්පු කරන්න තරම් පොලිසියට සාක්ෂි නැතිවීම. මේකට අයිතිකාරයෙක් නැති වෙන්න බැහැ නේ .
Sameera Tuesday, 29 July 2025 03:13 PM
මේ සඳහා නාස්ති වූ බදු මුදල් ප්‍රමාණය සදහා වගවිමක් නැද්ද ? සැම දේයකටම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් කොපමණ මුදල් නාස්ති වෙනවද? මේ සදහා දියුණු ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතුයි !
අරවින්ද මොණරවිල Tuesday, 29 July 2025 06:22 PM
අනිවාර්යයෙන්ම මේකේ අයිතිකාරයා හොයන්න ඕනෑ... නිකම් ලෙස්සලා යන්න නොදී, දුමින්දගේ කෝකියාගේ සාක්ෂි සහ ඒ කාන්තාවන් දෙදෙනාගේ සාක්ෂි අනුව දුරකථන දත්ත සහ තිබෙනවා නම් සී.සී.ටීවි දර්ශනය පරීක්ෂා කරලා බැලිය යුතුයි. මට හිතෙන්නේ පොලිසිය කාගේ හරි බලපෑමකට හො සල්ලි වලට යටවෙලා...
Mangala Ranasinghe Wednesday, 30 July 2025 05:59 AM
අයිතිකාරයා හොයාගන්න එක පොලිසිය වැඩක්. පළමුවෙන්ම තමුන් ගිනි අවි පනත කියවලා බැලුවොත් හොඳයි. ගිනි අවියක් ළඟ තබා ගන්න පුද්ගලයා තමයි වැරදිකරු. ඔය විදිහට ගියොත් ඕනම කෙනෙකුට කියන්න පුළුවන් අහවල් කෙනා තමා මට ගිනි අවිය දුන්නේ කියලා. එහෙම කිව්වට හරියන්නෙ නෑ. ඒ සඳහා සාක්ෂි තියෙන්න ඕන. නීතිය දැනගෙන කතා කරන එක හොඳයි නේද මහත්තයෝ. නැත්නම් අමාරු වැටෙන්න පුළුවන්. ඔබගේ විස්තර තිබෙන නිසා ඔබට විරුද්ධව අපහාස නඩ දමන්නත් පුළුවන්. ඕකට කියන්නේ කුහකකම කියලා. අනිත් එක උසාවිය දුන්නු තීන්දුවට අභියෝග කරන්න ඔබ කවුද? ගිනි අවියේ අයිතිකාරයා හොයන එක පොලිසියේ සහ උසාවියේ නියෝගයක් අනුව සිදු වේවි.