IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


රනිල්ට සහාය පතා යෝජනාවක් පාර්ලිමේන්තුවට

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

නව අගමැති ලෙස පත් කිරීමට නියමිත රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුව යළි රැස් වන ලබන අඟහරුවාදා (17)පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමට තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහය රනිල් වික්‍රමසිංහ මහතාට පළකරන බවට එසේ ගෙන එන යෝජනාවේ සඳහන් වෙයි. රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගයෙන් ස්වාධීන වී නව රජයට සහාය පළ කරන මන්ත්‍රී පිරිස සහ තවත් පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් සහය දැක්වීමට නියමිතය.

 



අදහස් (7)

රනිල්ට සහාය පතා යෝජනාවක් පාර්ලිමේන්තුවට

Deepal Nirosh Friday, 13 May 2022 05:37 AM

අන්තිමේදි මිනිස්සු නිකරුනේ ගාලු මුවදොර නිදි මරාගෙන කෑ මොර ගහලා... ගමේ තොටේ ගෙවල් දොරවල් ගිනි තබාගෙන විනාශ වුණා විතරයි...

:       3       3

Mahee Friday, 13 May 2022 06:25 AM

ලැබෙයි ලැබෙයි. ඡන්දයකින් එන කෙනෙකුට වුණත් ඇමරිකාව විෂ් කරන්න කාලයක් ගන්නවා. මේකට විනාඩි 10න් විෂ් කළා කියන්නේ වැඩේ බාගෙට ගොඩ. අනිවාර්යයෙන්ම මාසේ යද්දී ජනාධිපති. පුළුවන් දේශපාලන වශයෙන් අනාථ වුණා තීන්දු ගන්න. මිලේනියම් කෝපරේෂන් ගේන්න ඔය පාඩු ලබන ඒවා විකුණන්න.., පෙන්ෂන් කපන්න ප්‍රයිවෙට් මෙඩිකල් කොලේජ් ගේන්න ඔය imf කියන ඔක්කොම කරන්න පුළුවන්. ආයේ පොරට චාන්ස් එකක් ඕනෙත් නෑ. දැන් ඕවාට විරුද්ධ වෙලා වැඩකුත් නැහැනේ... කන්න සල්ලි තියෙන්නෙ සතියකට...

:       2       2

darmaFriday, 13 May 2022 04:48 PM

සිරාම කතාව... පොර ඔය ටික කරාවි...!

:       0       1

මුදියන්සේ...... Friday, 13 May 2022 08:01 AM

පාට, පක්ෂ පසෙකලා රට වෙනුවෙන් සිතිය යුතු කාලයක් එළැඹ ඇති බව සිතට ගත යුතුයි. වැටී සිටින වලෙන් ගොඩඒමට කටයුතු කරමු...

:       0       6

Bandara Friday, 13 May 2022 10:48 AM

සජිත්ට වඩා රනිල් කොහොමත් හොඳයි. සොරුන් රැකීම තමයි තියෙන වරද...!

:       0       21

පද්මසිරි ගුණරත්න Friday, 13 May 2022 11:36 AM

රනිල්ව අගමැති කළ තැන පටන් කරන කියන සියළුම දේවල් කිසිම ඵලක් ප්‍රයෝජනයක් නැති අර්ථ විරහිත දේවල් පමණයි. රටට, දැයට ආදරය ඇති රටේ දියුණුව තම දේවකාර්ය සේ සලකන උතුමන්ගෙන් තොර දුෂ්ඨයින් පිරිසක් පාර්ලිමේන්තුවේ සිටීම රටේත්, ජනතාවගේත් අභාග්‍යයකි...

:       10       7

සාගර හේමන්ත කුමාර Friday, 13 May 2022 02:57 PM

මේ අවස්ථාවේ රට ස්ථාවර කිරීමට ගතහැකි හොඳ අදහසක්...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 363 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2162 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1640 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site