
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට බන්ධනාගාර රෝහලට මීට ස්වල්ප මොහොතකට පෙර පැමිණියේය.
වික්‍රමසිංහ මහතාගේ සුව දුක් විමසා පවතින තත්වය සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව රාජපක්ෂ මහතා ඉන් පිටව ගොස් ඇති බව වාර්තාවේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නිලුපුලී ලංකාපුර මෙනවිය නියෝග කළාය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2019 බලය ලැබුණු ගමන්ම රනිල්ව හිරේ දානවා කියලා කියපු කට්ටිය දැන් අඬනවා.
නවතින්නම බලාගෙන ආවා නම් හොඳයි. නෝනත් එක්කම නම් තවත් හොඳයි. පවුලටම පහසුකම් හෝයාගන්නත් ඕනෑනේ.
"රනිල් මහතා හෝ මහින්ද මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන බැවින්, රඳවා සිටින සිරකරුවන්ට පොදු ජනතාව හමුවීම සඳහා කිසිඳු ව්‍යවස්ථානුකූල විධිවිධාන තිබේද?"
එතකොට අර්ජුන් මහේන්ද්‍රන් යාළුවා..?
තිරුපති ශ්‍රී වෙන්කටේශ්වර දේවාලෙට බරට බරක් දඹ රත්තරන් පුජාකරන්න යන්න, පුතංඩියාගේ නාවික හමුදා පුහුණුව අවසන් කළ උත්සවයට තිස් පස්දෙනෙක් එකතුකරගෙන ලන්ඩන් යන්න සහ තව පෞද්ගලික ගමන් බිමන් වලට යන්න ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අරගෙන දරුමල්ලෝ පටවාගෙන පවුල් පිටින් ගිය ගමන් වාර සිහිවෙන්න ඇති මගේ හිතේ...
සාටකයෝ ආර්තික ගාතකයෝ, පට්ට හොරු, මිනිමරුවෝ, බලලෝබී බඩගෝස්තරවාදී දූෂිතයෝ කියලා රටම දන්නවා. සුනාමි හොරා, නීතී ගරුක සිෂ්ට සම්පන්න රටක නම් මහින්දයා මෙළහකටත් හිරේට යවලා ?
සිරිලිය නොහොත්" හොරලිය " නඩුව , එතකොට ශිරන්ති වෙසක් බලන්න පැරීසියට ගිහින් නාස්ති කරපු රටේ සල්ලි...ඕවා ඔක්කොම එනවා...ඇයි තජුදීන් ?
සුන්දර නාට්‍ය සංදර්ශන අවසන් වූ විගස මාලිමා ජෙප්පන්ට සැබෑලෝකයට පිවිසෙන්න සිදුවෙයි.
නොගිහින් බෑනේ. දූෂිතම පවුල් පාලනේ අය රැකපු එකනේ එයත් කෙරුවේ?
අනේ මේ බොරු නොකර ඔබලා සියළු දෙනාම එක පක්ෂයකට එන්නකෝ... මැතිවරණවලදී බොරුවට පක්ෂ හදාගෙන වෙනවෙනම ඡන්ද ඉල්ලලා ජනතාව රවට්ටන්න මින් ඉදිරියට නම් බැරිවෙයි...
මහින්ද එහි ගියේ රනිල් මැතිතුමාගේ සුවදුක් බලන්න පමණක් නොවෙයි ! ලඟදීම එයාටත් හිමිවන ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා කියවුනොත්, එය නිවරදි නේද? "හෙරලිය" අතුළ රාජපක්ෂ පරම්පරාවටම, මේ බන්ධනාගාරයේ සැලකිය යුතු ඉඩක් තිබේද කියා මහින්ද සියැසින්ම බලාගත් එක හොඳයි!!!